යහපාලන රෙද්ද දැන් ගැලවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්ව...
යහපාලන රෙද්ද දැන් ගැලවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“හිටපු රනිල් මහත්තයාගේ ගෝල බාලයෝ ටික අර ෆූට් නෝට් ගැහුවේ. ඒ කට්ටිය ගහනකොට කිව්වේ සැබෑ වංචාවක් වෙලා තියෙනවා නම් අපි ඉල්ලා අස් වෙනවා කියලා. ඔන්න දැන් වෙලාව ඇවිල්ලා. ඔයාලම පත් කර ගත්ත ජනාධිපතිම ඔයාලට කියනවා වංචාවක් වෙලාලු. ඒක රුපියල් දාහක, දෙදාහක, තුන්දාහක එකක් නෙවෙයි මිලියන එකලොස් දහස් එකසිය හතලිස් පහක්, බිලියන 8.5 ක ගනුදෙනුවක්. මහ වංචාවක්. එතකොට දැන් අගමැතිතුමා, රවී කරුණානායක මහත්තයෝ රෙද්දක් ඇඳගෙන ඉන්නේ කොහොමද? යහපාලන රෙද්ද ගැලවිලානේ තියෙන්නේ. දැන් පොරොන්දු වෙච්ච විදියට යහපලකයෝ නම් දැන් වහා ඉල්ලා අස්වන්න.”
COMMENTS