තමන් රාජිත සේනාරත්න මහතාට අභියෝග කරන බව පියල් නිශාන්ත මහතා පවසයි. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය....
තමන් රාජිත සේනාරත්න මහතාට අභියෝග කරන බව පියල් නිශාන්ත මහතා පවසයි.
ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මැතිවරණ කිහිපයක් පරාජයට පත් වෙච්ච බේරුවල මම රාජිතට අභියෝග කරනවා පුළුවන් නම් නගර සභාවයි, ප්‍රාදේශීය සභාවයි දිනලා පෙන්නපන්. එදාට පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීකමින් අයින් වෙනවා කියන එක මම පැහැදිලිවම කියනවා.”
එම ජනහමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.
“එදා මේ රටේ අගමැතිතුමා කියනවා නැගිටලා කියපියව් හොරා හොරා කවුද හොරා? ඇවිල්ලා කියනවා මේ මහින්ද රාජපක්ෂ කාලේ 2018 ඉදන් 2014 වෙනකන් බිලියන 4702ක් බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ හොරකමට කියලා. මහින්ද රාජපක්ෂ යුගයේදී හොරට නිකුත් කළා නම් ඒකට මහින්ද රාජපක්ෂ විතරක් වගකීම දෙන්න අපි ලෑස්ති නැහැ. අපිත් හිටියා කැබිනට් මණ්ඩලයේ. මම, වාසුදේව නානායක්කාර, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, නිමල් සිරිපාල. අපි සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමේ කාර්යය කරන්න ඕනේ මේ හොරකම අපි කරලා තියෙනවා නම්. අපි එහෙම තඹ සතේක හොරකමක් කරලා නැහැ.”
COMMENTS