දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 
Homeප්‍රවෘත්ති

වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 

PropellerAds

පාර්ලිමේන්තුව විසින් 2017 වසර සඳහා සම්මත කරන ලද අයවැය මඟින් විවිධ අමාත්‍යාංශ හා ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට හඳුන්වාදෙන ලද නව යෝජනා ක්‍රිය...

හර්ෂගේ චෝදනාවලට සරත් අමුණුගමගෙන් පිළිතුරු
"සංවර්ධන ව්‍යාපෘති නවත්තන්න කිව්වා" - හර්ෂගෙන් නව අගමැතිට චෝදනා
මහ මැතිවරණයෙන් පසු ස්ථාවර රටක් නිර්මාණය වෙයි - මහින්ද
වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 

පාර්ලිමේන්තුව විසින් 2017 වසර සඳහා සම්මත කරන ලද අයවැය මඟින් විවිධ අමාත්‍යාංශ හා ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට හඳුන්වාදෙන ලද නව යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලු ම රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ. 

2017 අයවැයෙන් යෝජිත ඇතැම් යෝජනා අයවැය ඉදිරිපත් කළ එදින රාත්‍රී සිටම ක්‍රියාත්මක වූ අතර, අනෙකුත් බොහෝ යෝජනා ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ වගකිව යුතු අමාත්‍යාංශ හා නියාමන අධිකාරිය වෙත පැවරේ.   

ඒ යටතේ භූමිතෙල් ඇතුලුව සීනි, ටින්මාළු, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල දැනටමත් අඩුකර ඇත. බදු ක්‍රමය සරල කිරීම යටතේ නව බදුවලට අදාල අණපනත් 2017.04.01 දින සිට ක්‍රියාත්මක වේ. මෙවර අයවැය ක්‍රියාත්මක කිරීමේ විශේෂත්වයක් වූයේ සමාජයේ විවිධ ජනකොටස් හා ආර්ථිකයට අදාළ විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වූවන්ගේ විවිධ අදහස් ලබාගෙන අයවැය යෝජනාවලට ඇතුලත් කිරීමය. 

සංචාරක ක්ෂේත්‍රය බෙහෙවින් වර්ධනය වී එන බැවින් එම ක්ෂේත්‍රයේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන මෙන් සංචාරක ප්‍රවාහන පද්ධතියට අදාල වෘත්තිකයන් විසින් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙම ණය සීමාවන් අදාළ නොවන අතර, ඔවුන්ට 100% ක ණය සහන පදනමෙන් වාහන මිලදී ගැනීමට හැකිවනු ඇත. 

එමෙන්ම, ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් නියාමන ක්‍රමයක අවශ්‍යතාවය විශ්වවිද්‍යාල විද්වතුන් විසින් පවත්වන ලද සමීක්ෂණවලින් ඔප්පු විය. ඒ යටතේ, කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් අයවැය මඟින් යෝජනා කරන ලදී. එම යෝජනා යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය (Loan to value ratio) ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අයවැය මඟින් හඳුන්වා දෙන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් අනුව, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා නව නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. 

ත්‍රීරෝද රථ මිලදී ගැනීමේදී මෙතෙක් පැවති වටිනාකමින් 10% ක මුදලක් ගෙවා ලබාගැනීමට තිබූ අවස්ථාව වෙනුවට මින් ඉදිරියට වටිනාකමින් 25% ක මුදලක් ගෙවා ත්‍රීරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබාගැනීමට සිදුවනු ඇත. රථවාහන නීති සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් යෝජිත නීති නුදුරේදී සංශෝධනය කිරීමට නියමිත අතර, ත්‍රීරෝද රථ මිලදී ගැනීම සඳහා පනවා ඇති නව ණය සීමාව ත්‍රීරෝද රථ භාවිතය සම්බන්ධයෙන් පාලනයක් ඇතිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 

මෙම වසරට අයවැය මඟින් යෝජිත ව්‍යාපෘති 325, අදාල රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් නියාමන ආයතන මඟින් ක්‍රමානුකූල සැලසුමක් අනුව ක්‍රියාත්මක කිරීම තහවුරු කරනු වස්, මසකට වරක් එහි කාර්යසාධනය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් ඇගයීමක් කොට මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දෙන්නැයි මහා භාණ්ඩාගාරයේ ලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

කෙසේවෙතත් මෝටර් වාහනයක් කල්බදු ක්‍රමයට (ලීසිං) මිලදී ගැනීමේදී ඒ සඳහා මෙතෙක් ලබාදුන් ණය තක්සේරු වටිනාකම් අතර අනුපාතය වෙනස් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව, තක්සේරු වටිනාකමින් මෙතෙක් ලබාදුන් ණය වටිනාකම වූ 70% ක අගය ඉදිරියේදී වෙනස්වීමට නියමිතය.

2017 අයවැය යෝජනා අනුව ත්‍රිරෝද රථ සඳහා ණය - තක්සේරු අනුපාතය 25%කි. එමෙන්ම, කාර්, වෑන් හා ජීප් රථ සඳහා 50%ක් වන අතර, වාණිජ වාහන (ලොරි හා බර වාහන) සඳහා එය 90%ක් කර තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබා ගන්නේ නම් ඒ සඳහා සිදු කරනු ලබන තක්සේරු වටිනාකමෙන් ණය ලබාදෙන්නේ සියයට 25ක ප්‍රමාණයකි.

ඒ අනුව ඔබ රුපියල් ලක්ෂ 20ක තක්සේරු වටිනාකමකින් යුතු මෝටර් රථයක් මිලදී නම් ඒ සඳහා ලීසිං ඔබට ලීසිං පහසුකම් ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10 මුදලකි. ඉතිරි රුපියල් ලක්ෂ 10 මුදල ඔබට පෞද්ගලිකව යෙදවීමට සිදුවෙයි. ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ණය තක්සේරු අනුපාතය සියයට 25ක් කිරීමෙන් ත්‍රිරෝද රථ මිලදී ගැනීම තවදුරටත් අධෛර්යමත් කිරීමට රජය කටයුතු කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 
වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 
http://ift.tt/2iAw3sy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy