පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් 2017 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් 31 දක්වා කාළය තුළ රුපියල් කෝටි 990 ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් 2017 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් 31 දක්වා කාළය තුළ රුපියල් කෝටි 990 ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 332 යි, ග්රෑම් 500 ක් අත් අඩංගුවට ගෙන ඇති බව එම අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම හෙරොයින් සමග පුද්ගලයින් 29,690 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර , එයින් 36 ක් විදේශීකයන් වේ.මෙම සියලු දෙනාට එරෙහිව විවිධ අධිකරණ වල නඩු 29,690 ක් ද පවරා තිබේ .
මීට අමතරව රුපියල් නව කෝටි අනූ අට ලක්ෂයක් වටිනා ගංජා කිලෝග්රෑම් 4990 ක ප්‍රමාණයක් , ඒවා ළග තබා ගත් පුද්ගලයින් 51,870 ක් සමග මෙම කාළ සීමාව තුළ අත් අඩංගුවට ගෙන තිබුණි .
කොකේන් සන්තකයේ තබා ගත් පුද්ගලයින් 29 දෙනෙකු සමග රුපියල් හතලිස් හතර ලක්ෂ දහ තුන් දහසක් වටිනා කොකේන් කිලෝග්රෑම් 220 යි ග්රෑම් 650 ක් ද මෙම අදාළ කාළ සීමාව තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
එමෙන්ම රුපියල් හත් ලක්ෂ හැට තුන් දහස් හාරසියයක් වටිනා හෂීස් කිලෝග්රෑම් 38 යි ග්රෑම් 170 ක් , ඒවා ළග තබා ගත් පුද්ගලයින් 35 දෙනෙකු සමගින් අත් අඩංගුවට ගෙන , ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ .
COMMENTS