උතුරු පලාතේ ස්වෙච්චා සේවයෙන් ගුරු වෘත්තියේ නියලී සිටි විශේෂයෙන්ම 2009 නිමාවූ යුද්ධයට පෙර වසර 10 කට අසන්න කාලයක් ස්වෙච්චාවෙන් සේවය කල ගුරුව...
උතුරු පලාතේ ස්වෙච්චා සේවයෙන් ගුරු වෘත්තියේ නියලී සිටි විශේෂයෙන්ම 2009 නිමාවූ යුද්ධයට පෙර වසර 10 කට අසන්න කාලයක් ස්වෙච්චාවෙන් සේවය කල ගුරුවර ගුරුවරියන් 182 කට හා ඒ හා සමාන දීර්ඝ කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කල ගුරුවර ගුරුවරියන් 142 දෙනෙකුට එළබෙන පෙබරවාරි 15 වෙනිදා සවස 3.00 ට අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා ගුරු සේවයේ 3,2 ශ්‍රේණියට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිත ය.
උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ බලවත් මැදිහත් වීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගෙන ඇති අතර ඒ සඳහා උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යතුමාද සිය දායකත්වය ලබා දී ඇත.
මෙම ගුරු පත්වීම් වලට අදාළ ස්ථිර පත්වීම් ලබාගැනීම සඳහා ගුරුවර ගුරුවරියන් දැඩි වෘත්තිය සමිති ක්‍රියා මාර්ග අනුගමනය කල අතර ඒ සඳහා උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අවස්ථා කීපයක දීම අධ්‍යාපන අමාත්‍යවරයා හා අනෙකුත් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලදී.
COMMENTS