බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් බවට පත්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසිය...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් බවට පත්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට ජපාන මිට්සුබිෂි බැංකුව හරහා ණය ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එය බැඳුම්කර වංචාවේ දෙවැනි කොටස බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 32 ඉදිකිරිම සඳහා රුපියල් බිලියන 138ක ණය මුදලක් ජපානය ටෝකියෝ මිට්සුබිෂි බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. ණය ආපසු ගෙවීමට ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් කියන පදනමින් එම ණය සඳහා බැංකු රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. බොහෝ විට එම රක්ෂණ ගාස්තුව ගෙවන්නේ බැංකුවයි. අවදානම වැඩිවෙලා රක්ෂණ වාරිකය වැඩි නම් ඒක අදාල රටටම ගෙවන්න කියනවා. යුද්ධ කාලයේදී මෙම ගාස්තුව ණය මුදලෙන් 5- 10%ක් වගේ ඉහල අගයක් ගත්තා. නමුත් යුද්ධයෙන් පසු අවදානම අඩු නිසා රක්ෂණ ගාස්තුව 10% ක්. ඒ කියන්නේ රුපියල් බිලියන් 14ක්. සහන පොලියට ජපානයෙන් ණයක් ලැබෙන බව කියමින් ජපාන කොන්ත්‍රාත්කරුවන්ට පමණයි ටෙන්ඩරයට අවස්ථාව දුන්නේ. ඒ නිසාම අසාමාන්‍ය ලෙස මාර්ගයේ පිරිවැයත් ඉහළ ගියා. නමුත් 2%ක් පමණ පොලි ගෙවන්න වෙනවයි කියපු මේ ණය මුදලට 10%ක් රක්ෂණ ගාස්තුවක් ගෙවන්න වෙනවා නම් ඒ ණය තවදුරටත් සහන පදනමින් ලබා දෙන නායක වෙන්නේ නෑ.”
“මේ ණය ආණ්ඩුවත් එක්ක සාකච්ජා කළ ජපාන ටෝකියෝ මිට්සුබිෂි බැංකුවේ දේශීය නියෝජිතයා තමයි අපි හැමෝම දාන්න අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශීය ණයක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැත කළ යුතුයි. එහිදී ණය කොන්දේසි හිතකර නම් විතරයි මුදල් මණ්ඩලය අනුමත කරන්නේ. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් අලෝසියස්ගේ මාමා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස ධූරය දරපු තැන. නමුත් අර්ජුන් ඇලෝසියස් ගෙනා මේ රටට් අහිතකර දැවැන්ත රක්ෂණ ගාස්තුවක් සහිත මේ ණය මුදල එයාගේ මාමණ්ඩි අර්ජුන් මහේන්ද්‍රන් සභාපතිකම දරණ මුදල් මණ්ඩලය විසින් අනුමත කරනවා. මේක බෑනා නියෝජිතයා වෙලා ඉඳන් ගෙනාපු ණයක්ය කියන තමන්ට තියෙන බැඳීයාවේ ගැටුම අර්ජුන්ලා දෙන්නම හෙළි කරන්නේ නැහැ. රටට රුපියල් කෝටි ගණනක දැවැන්ත පාඩුවක් සිදු කරමින් මේ ණය අනුමත වෙනවා. මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවැනි කොටස. පළමු කොටසේ නළුවන් දෙදෙනාම මේකෙත් ඉන්නවා.”යනුවෙන්ද කියා සිටියේය.
COMMENTS