අමාත්‍ය එස්.බී.දිසානායක මහතා තමන් ආණ්ඩුවට එක්වෙන බවට ප්‍රකාශ කළත් එවැනි කිසිවක් සිදු නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා ප...
අමාත්‍ය එස්.බී.දිසානායක මහතා තමන් ආණ්ඩුවට එක්වෙන බවට ප්‍රකාශ කළත් එවැනි කිසිවක් සිදු නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මෙම ප්‍රකාශය මහනුවරදී සිදු කළේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා එස්.බී දිසානායක අමාත්‍යවරයාට ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේය.
"ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැතිකම ලද S.B. දිසානායක මහතා අද මාධ්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ලගදීම ඔවුන්ගේ ආණ්ඩුව සමග එක්වන බවත් ය. SB ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ SB ලා වැටී සිටින අසූචි පිරුනු වලට අපවද බස්සවා ගන්නටය. අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය. SB ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ SB ට හොදටම වැරදී ඇතැයි කියාය.
කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමනකි..
කලකිරීම් තිබුනත් නැතත් SB මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත. ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එලබීමෙන් වලකින්න"
COMMENTS