යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (28) රාත්‍රියේ ගිනි තබා විනාශ කර ඇ...
යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (28) රාත්‍රියේ ගිනි තබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පැවසීය .
මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.
මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස් මුරකුටිය භාවිතයට නොගෙන තිබූ අතර පසුව එය කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් ගිනිතබා ඇත.
මෙම ගිනි තැබීම සිදු කරන ලද්දේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවට සැක පළකරන බව යාපනය පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS