වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ...
වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදීය.
ඉතා වැදගත් මෙම පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගත් බවද සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට පසු දින සිට ප්‍රදර්ශනය කරන ලෙසට දන්වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට බෞද්ධ ජනතාව සමච්චලයට භාජනය නොකර අදාළ අනුවණ හා අමන තීරණය වහාම හකුළා ගන්නා ලෙසයි.
එම නිවේදනය පහතින්,
“වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි.”
වෙසක් හා පොසොන් පොහෝ දිනයන්හි තොරන් ප්‍රදර්ශනය තහනම් කිරීමට සිරිසේන - රනිල් රෙජීමය තීරණය කොට තිබේ. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රතික්ෂේප කර තිබිය දී නත්තලට ලොව උසම නත්තල් ගස සෑදීමට කටයුතු කළ ආණ්ඩුව වෙසක් හා පොසොන් පොහොය දිනවල තොරන් ප්‍රදර්ශනය තහනම් කරන්නේ කුමන පදනමකින් ද ?
මෙරට බෞද්ධ ජනතාව වෙසක් හෝ පොසොන් පොහොය දිනයන්හි පන්සල් ගොස් ආගමික වතාවත් සිදුකර තොරන් බැලීමට යන්නේ රාත්‍රිය උදා වීමෙන් පසුව ය. මෙරට බෞද්ධ ජනතාව, දහම් අධ්‍යාපනය සඳහා දරුවන්ට ඉඩ ලබා දීම පිණිස ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කරන්නැයි ඉල්ලා තිබුණ ද කිසිවකු වෙසක් හෝ පොසොන් දිනයේ තොරන් ප්‍රදර්ශනය නතර කරන්නැයි ඉල්ලා නැත. චිරාත් කාලයක් තිස්සේ මෙරට බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු තොරණ ප්‍රදර්ශනය, ජාතක කතා හා බැඳුණු ධර්ම අධ්‍යාපනය දරුවන්ට බෙදා දෙන ලද එක් ආකාරයක් විය. එබැවින් තොරණ ප්‍රදර්ශනය යනු වෙසක් හෝ පොසොන් පොහොය දිනයට නොගැලපෙන්නක් නොවේ.
එහෙත් කිසිවක් පිළිබඳව නිවැරදිව දැකීමේ හැකියාව අහිමි කරගෙන සිටින මේ වල්භූත රෙජීමය, බෞද්ධප්‍රේමී ස්වරූපයෙන් කරනුයේ බෞද්ධයාගේ සංස්කෘතියට පහර ගැසීම ය. හිටපු ජනාධිපතිවරුන් භාවිත කරන ලද සුඛෝපභෝගී වෙඩි නොවදින වාහන හා කොටි සතුව තිබූ ශ්‍රී ලංකා හමුදාවන් භාරයට පත්කර ගනු ලැබූ නැව පසුගියදා මුහුදට අතහැරියේ ද මෙම අනුවණ රෙජීමයම ය.
වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි. මෙරට බෞද්ධ ජනතාව සමච්චලයට භාජනය නොකර අදාළ අනුවණ හා අමන තීරණය වහාම හකුළා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.
විමල් වීරවංශ,
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-03-30
COMMENTS