එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ න...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ නායක ධුරය ලබා ගැනිම බව මාර්ග සහ මහා මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි.දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ගිනිගත්හේන අභිනවාරාම විහරස්ථාන ශාලාවේ පැවති පිලිගැනිමේ උත්සවයකට සහභගි වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදි වසර 25 මේ රටේ විපක්ෂ නායක ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ විපක්ෂ නායක ධුරය ලබා දිය හැකි බවය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග කොතරම් සාකච්ඡා පැවැත්වුවත් ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තෙක් කිසිදු තිරණයකට එළබෙන්නේ නොමැති බව ද එස්.බි දිසානායක මහතා කියා සිටියහ.
එස්.බි.දිසානායක මහතා පිලිගැනිමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මහ මැතිවරණයකට යාමට අවශ්‍යය වුවහොත් මහ මැතිවරණයකට යන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව පැමිණිලි පාර්ශවයට තින්දුව ලැබුණ හොත් තවත් වසර දෙකක් යනතුරු අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාතයය ධුරයෙන් මේ රජය තවත් වසර දෙකක් පාලනය කරන බවය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS