එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හෙට (03) ප.ව 8.00 දක්වා කල් ...
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හෙට (03) ප.ව 8.00 දක්වා කල් තබා ඇතැයි මනෝ ගනේසන් මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසයි.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සාකච්ජාවක් පවත්වා ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ සාකච්ජාව පවත්වන බව ජනාධිපතිවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි.
පසුගිය සිකුරාදා (30) දින රාත්‍රියේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර දෙපැයකට ආසන්න කාලයක සාකච්ජාවක් පැවති අතර එම සාකච්ච්ජාවද අවසන් එකඟතාවයකින් තොරව අවසන් විය.
The meeting between President and UNF scheduled today has been postponed to 8pm Tomorrow. #lka
— Mano Ganesan (@ManoGanesan) December 2, 2018
COMMENTS