ජනාධිපතිවරයා සමග ඇති ගණුදෙනුව හොදින් බැරිනම් ජනතා බලයෙන් බේරාගැනිම සදහා ජනතාව සමග කොළඹ හ හා ජනාධිපති මන්දිරිය වටලනවා යැයි ගාල්ල දිස්ත්‍රික...
ජනාධිපතිවරයා සමග ඇති ගණුදෙනුව හොදින් බැරිනම් ජනතා බලයෙන් බේරාගැනිම සදහා ජනතාව සමග කොළඹ හ හා ජනාධිපති මන්දිරිය වටලනවා යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප නායක හා ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි.
ගාල්ල එජාප බලමණ්ඩල රැස්විමේදි අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.
එහිදී ඒ මහතා අදහස් දැක්විය.
"මේ ගණුදෙණුව හොදින් බැරිනම් ජනතා බලයෙන් දිනා ගන්න වෙනවා. මෙම මස 12 හෝ 13 වැනදිනවල අපි කොළඹ වටලනවා. ජනාධිපති මන්දිරය බෞද්ධාලෝක මාවත වටලනවා. හැම ආසනයකින්ම දහසක් ජනතාවක් සමග ලක්ෂයක් හෝ ලක්ෂ 02ක ජනතාවක් ගෙනවිත් කොළඹ වටලනවා. කතරම වන්දනාවේ ශ්‍රි පාදය වදින්න යනවා වගේ කැම ඉවිම සදහා බඩු මුට්ටු රැගෙන විහාරමහාදේවි උද්‍යානයේ නතරවෙලා මේ ගණුදෙණුව බේරාගන්න ජනතා බලය පෙන්වනවා. කාටවත් ජනමතය හොරෙන් ගන්න බැහැ. රියදුරු බලපත්‍රයක් තිබුනාට ඕන ඔන විදියට එලවන්න බැහැ කහ ඉර කැපුවොත් දඩ ගහනවා. අධිවෙගයෙන් ගියොත් දඩ ගහනවා. ආණ්ඩුක්‍රම වි්‍යස්ථාවත් එහෙමයි. බලපත්‍රයක් තිබුනාට ඕන ඕන විදියට එලවන්න බැහැ. පත්කරපු අගමැති නිති විරෝධියි. පාර්ලිමෙන්තුව විසුරුව හැරිමත් නිති විරෝධියි. වසර . හතරමාරක් යන කම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ආණ්ඩුක්‍රම වි්‍යස්ථාවත් රියදුරු බලපත්‍රයක් වගේ. ඕන ඕන විදියට එලවන්න බැහැ. ලයිසන් එක තිබුනාට ඕන ඕන විදියට පාවච්චිකළොත් දඩ ගහනවා, හිරේ දමනවා ,ප්‍රජා අයතිය අහෝසි කරණවා , ආණ්ඩක්‍රම වි්‍යවස්ථාව වැරදි විදියට පාවච්ච් කළහොත් දෝෂාභියෝගයක් වුනත් ගෙන්න පුළුවන්. ප්‍රජා අයිතිය අහෝසි කරන්න වුනත් පුළුවන් මට සිතු දේ කළ හැකි කියලා වගන්තියක් නැහැ."
"අපි තමයි තවමත් නිත්‍යානුකුල ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා පළපුරුදු නායකයෙක්. ගමේ හොර බඩු අරන් ගියාට ලොකු කඩවලින් එවා ගන්නේ නැහැ. මහජන පරාමාධිපත්‍ය නැමති හොර බඩු ළත තබා ගැනිමත් වරදක්. එක හෙණ ගහන අපරාධයක්. මහජනතාව සාප කරණනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියන්නේ ලොකු සමාගමක් ලොකු සමාගමකින් හොර බඩු ලග තබා ගත්තේ ඇයද කියලා අපට හිතෙනවා. අපේ නායකතුමාට චෝදනා කරණවා .මරන්න සැලසුමක් තියෙනවා කියලා කියනවා.මේ වගේ කථා ගමෙත් කියනවා. කිව්වාට මරන්නේ නැහැ .පොලිසිය තියෙනවා උසාවි තියෙනවා. බැදුම්කරයෙන් හොරකම් කළා කියලා කියනවා. මහ බැංකුව හොරකම් කරන්න බැහැ. මංකොල්ල කන්න බැහැ. මැජික් පොල්ල වගේ පෙන්වනවා. බැදුම්කර වංචාව හොයන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා. එජාපයේ කිසිවෙක් මේ මහ බැංකුවේ ක්‍රියාවලියට සම්බන්දයක් නැහැ කියලා කොම්සම් වාර්තාවේ තියෙනවා. අතිතයේ වැරදිවලට දඩුවම් කරන්න බැහැ ඒ නිසා මහ බැංකුවට අතිතයට බලපාන පරිදි නිති ගෙන්න වෙනවා අගමැතිතුමා විසින් මහ බැංකුවට නිති හැදුවා .අතිරේඛ ලාභංශ ලබානන්න බැරි විදියට.පෙඩරල් දෙන බව කියනවා.මෙහෙම කියන අයගේ මොලය බලාගන්න කියලා මම කියනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය.
( ගාල්ල ලලිත් චාමින්ද)
COMMENTS