ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ව...
ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ විමල් වීරවංශ මහතා බව ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී ය.
ජාතික නිදහස් පෙරමුණ, එහි නායකත්වය දුර්වල කිරීමට පක්‍ෂයේ දුර්වල අය බිලීබා ගැනීම සඳහා සිරිකොතින් හා ඩාර්ලි පාරෙන් පිඹුරුපත් සැකසූ බවත් මේ සඳහා අවශ්‍ය මුදල් වැඩි ප්‍රමාණයක් මුදා හැරියේ ‘රෝ’ ඔත්තු සේවය විසින් බව අනාවරණය වී තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
“ඒත් අප සමඟ සිටි සුෂුම්නා ශීර්ෂකය දුර්වල පිරිසක් දැන් සිරිකොතින් සහ ඩාර්ලි පාරෙන් ඩැහැ ගනිමින් තිබෙනවා. මේ ‘දෙකයි පනහේ’ කෑලි ගොදුරු කර ගනිමින් ගෙන යන මෙහෙයුම දෙස බලන විට එක අතකින් අප සතුටු වෙනවා. ඒ ජාතික නිදහස් පෙරමුණත්, එහි නායක විමල් වීරවංශත් විනාශ කිරීමෙන් තොරව තමන්ට පවතින්න බැහැ කියන එක මේ සතුරු කඳවුර තේරුම් ගෙන සිටීම ගැනයි.” යැයිද ඔහු සඳහන් කළේය.
විජේනායකලා, විජේසේකරලා ජානිපෙන් යනවා. මොකක්ද මේ වන්නේ? යැයි එහිදී මාධ්‍යවේදී මහතෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පැවසූවේ මේක කොටස් වශයෙන් පළවන නාට්‍යයක් බවයි.
“මේ ගොල්ලෝ හිතන් ඉන්නේ මේක සිංහබාහු නාට්‍යය කියලා. විජේ-නායක හිතාගෙන ඉන්නේ එයා ගල්ලෙන බින්දා කියලා. විජේසේකර හිතන් ඉන්නේ එයා ලෙන්දොර ඇරියා කියලා. පිටපත ලියපු ගොබ්බයො ටික දැන් බලන් ඉන්නවා ඊළඟට එයි සිංහසීවලී කියලා. ඊටත් පස්සේ එයි සිංහබාහු කියලා. එහෙම ඇවිත් දුනුදිය ඇදලා මේ ගුහාවේ දසදෙස බලය පතුරන, මේ රට රකින සිංහයාව මරලා දායි කියලා. එහෙම වෙන්නේ නෑ. මෙදා සිංහබාහු, සිංහසීවලී සිංහයා එක්කම ඉන්නවා. තව නාඹරසිංහ රංචුවක්මත් ඉන්නවා.
ඒ කවුරුවත් සිංහයාව තනිකරලා එළියට පනින්නේ නෑ. ඕනෙනම් ඔය හදපු පොඩි සිදුරෙන් පනී එළියට මදුරුවෙක් දෙන්නෙක්. මේ කතාව සිංහබාහු කතාව කියලා බලාගෙන ඉන්න ගොබ්බයන්ට අපි කියන්නේ, ‘එහෙම එළියට පනින මදුරුවන්ට දුනු ඊතල දෙන්න යන්න එපා’ කියලයි. මදුරුවෝ කොහොමද මහත්තයෝ දුන්නෙන් විදින්නේ? උන් විදින්නේ ශුන්ඩාවෙන් නෙ. ශුන්ඩාවෙන් විදලා පුළුවන්ද සිංහයෙක් වට්ටන්න? අපි කියන්නේ තව කොනිත්තන්න. තව ගඳගස්සන්න. තව පහර දෙන්න. උඹලා පහර දෙන්න, පහර දෙන්න අපි දන්නවා ඒ පහර දෙන්නේ අපි හරි තැන ඉන්න නිසා කියලා. රට කෑලි කඩලා වනසන්න එන උඹලා අපිට පහර දෙන්නේ, උඹලගෙ වැඬේ, රට කෑලි කඩන වැඬේ කර ගන්න තියන බාධාව අපි නිසා නේද?“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS