දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයේ බැසිල්ගේ කල්ලිය ශ‍්‍රීලනිපයට ද්‍රෝහි වූ කතාව මෙන්න.
Homeගොසිප්

ඒකාබද්ධයේ බැසිල්ගේ කල්ලිය ශ‍්‍රීලනිපයට ද්‍රෝහි වූ කතාව මෙන්න.

PropellerAds

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පවත්වන ලද සාකච්ඡා බිඳ වැටීමට හේතුව බැසිල් රාජපක්ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු ...

ගෝඨාගේ පෙත්සම සලකා බැලීම අද : පක්ෂව හා විපක්ෂව පෝස්ටර්.
'අපේ නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ' - වීරකුමාර, විමල්ව පතුරු අරියි.
මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි?

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පවත්වන ලද සාකච්ඡා බිඳ වැටීමට හේතුව බැසිල් රාජපක්ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු වාර්තා වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂියන්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ සාකච්ඡා පැවැත් වූවත් රාජපක්ෂ පාර්ශ්වය සමගියට බාධා කෙරෙන කොන්දේසි ඉදිරිපත් කරමින් සාකච්ඡා පැවැත් වූ බව මේ වන විට තහවුරු වී ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා සඳහා ඒකාබද්ධ  විපක්ෂයෙන් නම් කරුණු ලැබු සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන හා පවිත‍්‍රා වන්නිආරච්චි යන අය දින 100 ආණ්ඩුවේ ඇමැති ධුර දැරූ සහ ප‍්‍රශ්න ඇති කරගෙන ඉන් බැහර වූවෝ වෙති. නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කර සිටි සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුරයාපා හා ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත සත්භාවයෙන් සාකච්ඡා සිදු කළ ද ඒකාබද්ධයේ නියෝජිතයන් එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම සාකච්ඡා පවත්වන අතර තුර දී මහින්ද රාජපක්ෂට හිතවත් මාධ්‍ය හා හිමිවරුන් දිගින් දිගටම පැවසුවේ නිදහස් පක්ෂය සමඟ එකතු නොවිය යුතු බවය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ නිදහස් පක්ෂය සමඟ එක්වීම සම්න්ධයෙන් කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.

 කෙසේ වෙතත් පසුගිය බදාදා පාර්ලිමේන්තු රැස් වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ  ලෙස සාකච්ඡා කර ඇතත් ඊට කාල්ටන් පෙර පාසල් කණ්ඩායම ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇති නාමල්, ප‍්‍රසන්න, ජොන්ස්ටන් සහ රෝහිත වැනි අයගෙන් බාධා එල්ල වී ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා එහිදී සඳහන් කර ඇත්තේ මැතිවරණයක දී බෙදීම් හා අඩුකිරීම් නොව අඩුකිරීම් හා එකතු කිරීම් පමණක් ඇති  හෙයින් ඒ අනුව කටයුතු කළ යුතු බවයි.

ඊට නාමල් රාජපක්ෂ මහතාගෙන් බාධා එල්ල  වී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ සිය පවුලට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදු වන බැවින් ඔවුන් සමඟ එක් විය නොහැකි බවයි.

එහිදී වීරකුමාර දිසානායක මහතා පවසා ඇත්තේ 2005 දී චන්ද්‍රිකා හා එල්ටීටීඊය විරුද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂ සමඟ ජවිපෙ සන්ධාන ගත නොවූණා නම් අද රට කුමන තත්ත්වයක පවතීද යන්නයි.

ඊට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද පවසා ඇත්තේ නිදහස් පක්ෂය සමඟ එක් නොවුණ හොත් සිය ආසනය ද ජයගත නොහැකි බවයි. එහෙත් එම අදහස්වලට ඉඩ නොදෙමින් කාල්ටන් පෙර පාසල් කණ්ඩායමේ ප‍්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්ත යන අය විරුද්ධව අදහස් ප‍්‍රකාශ කළ අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබී ඇත.

සාකච්ඡා සාර්ථක වීමට නම් ලබන 9 වන දා අයවැයට විරුද්ධව නිදහස් පක්ෂය ඡන්දය ප‍්‍රකාශ කළ යුතු බවටත් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි විය යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කෙරිණි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව අගමැති ධුරය පහසුවෙන් වෙනස් කළ නොහැකි බව දන්නා මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොන්දේසි ඉරිපත් කර ඇත.

මේ අතරතුර බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් වුවමනාව මත පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමට විමල් වීරවංශ මහතා නිහඬව සිටි අතර පසුගිය කාලයේ වීරවංශ මහතා නිදහස් මාවතේ දී එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු හමු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයට  වෙනම තරග කළොහොත් සන්ධානය යටතේ නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඡන්දය ඉල්ලා ජය ලැබූ මන්ත‍්‍රීවරුන් 45 දෙනාගේ ධුර සම්බන්ධයෙන් ගැටලූ මතුවනු ඇත. වෙනත් පක්ෂ ප‍්‍රවර්ධනයට කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ගේ ධුර සම්බන්ධයට කටයුතු කරන ආකාරය පිළිබඳව 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්  වේ.

මේ අතර නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමගි කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අතුරලියේ රතන හිමියන් කටයුතු කර ඇත.

මේ සිද්ධියත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා සිය හිතවත් මාධ්‍යයට දැනුම් දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එළිය’ සංවිධානයට කිසිදු ප‍්‍රචාරයන් ලබා නොදෙන ලෙසටයි.

අතීතයේ සිට රාජපක්ෂ පරම්පරාව නිදහස් පක්ෂයට ද්‍රෝහි ලෙස කටයුතු කළ බවත් 1960 දී ඞී.ඒ. රාජපක්ෂ  මහතා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමත් පසුව 1965 දී යළිත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට වැද සමාව ගෙන නිදහස් පක්ෂයට එකතු වීමත් 1985 දී බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව මැතිවරණයට තරග කොට පරාජය වීමත් යන සිදුවීම්වලින් පැහැදිලි වේ. ශ‍්‍රීලනිපය කඩාගෙන  ගිය  සියලූ අවස්ථාවල දී රාජපක්ෂලාට පරාජය අත් වී තිබෙන බව ද ඉතිහාසය සාක්ෂි දරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධය අතර සාකච්ඡා බිඳ වැටුණේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මතුපිටින් සාකච්ඡාවලට සහය දක්වන ආකාරයක් පෙන්වමින් අභ්‍යන්තරයෙන් තම අන්තවාදී මන්ත‍්‍රීවරුන් හා හිතෛෂීවන්ත මාධ්‍ය භාවිතා කර ඊට පහරදෙමින් සාකච්ඡා අසාර්ථක කිරීමට ගත් තැත පළ දැරූ නිසා බව ද සමගියට කැමැති බිම් මට්ටමේ ශ‍්‍රීලනිප සාමාජිකයන්ගේ මතය වී තිබේ. එමෙන්ම ශ‍්‍රී ලනිපයේ බිම් මට්ටම සමගි කර ගන්නා අතරම සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යා යුතු බවට සිවිල් සංවිධාන හා බහු ජනතාව දරන මතය ඉහත සාකච්ඡා, බිඳවැටීම නිසා යළි ඵල දරා ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාට මෙතෙක් කිසියම් දේශපාලන වලංගුභාවයක්  තිබුණා නම් එය අවලංගු වන පසුබිමක් නිර්මාණය වී ඇති බව ද මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී තිබේ.

(සත්හඬ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයේ බැසිල්ගේ කල්ලිය ශ‍්‍රීලනිපයට ද්‍රෝහි වූ කතාව මෙන්න.
ඒකාබද්ධයේ බැසිල්ගේ කල්ලිය ශ‍්‍රීලනිපයට ද්‍රෝහි වූ කතාව මෙන්න.
http://ift.tt/2i80Zh7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy