දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාගේ පෙත්සම සලකා බැලීම අද : පක්ෂව හා විපක්ෂව පෝස්ටර්.
Homeගොසිප්

ගෝඨාගේ පෙත්සම සලකා බැලීම අද : පක්ෂව හා විපක්ෂව පෝස්ටර්.

PropellerAds

ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රුපියල් ලක්ෂ නවසීයක (900) මහජන මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ...

පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කරයි.
අලුත් අවුරුද්දට එජාප-ශ්‍රීලනිප අලුත් ගිවිසුමක්.
සැලකිලිමත් වන්න - රතිඤ්ඤා ඔබ බිහිරි කරයි.

ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රුපියල් ලක්ෂ නවසීයක (900) මහජන මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ ද`ඩුවම් ලැබිය හැකි වරදක්‌ සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද (06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෙත්සම ගොනුකළ දා ඔහුගේ අනුගාමිකයින් "ගෝඨා අපේ'' යයි සඳහන් කරමින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබු අතර ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමක් 'ගොතා 'බය' අමතකද?' හා ''අපි වෙනුවෙන් මිනිමරුවෙක් '' යයි සඳහන් කරමින් කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබිණ.

රහස් පොලිසියට තහනමක් !

මෙම පෙත්සම සලකා ඉකුත් නඩු දිනයේදී පෙත්සම්කරුගේ නීතිඥවරය කළ ඉල්ලීමක්‌ අනුව ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අද දක්‌වා රහස්‌ පොලිසියට තහනම් කරන ලදී.

එම තහනම තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් උසාවියට ඉදිරිපත් කෙරෙන කරුණු සලකා බලා අද තීරණයක්‌ ගනු ඇත.

අභියාචනාධිකරණයේ සභාපති එල්. ටි. බී. දෙහිදෙනිය සහ විනිසුරු ශිරාන් ගුණරත්න සහ මහත්වරුන් හමුවේ මෙම විභාගය පැවැත්වේ.

කොන්ත්‍රාත් ගිවිසුමකට අනුව:

පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ විරකැටිය මැදමුලන දිවංගත ඩී. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ශාලාව ඉදිකළේ රාජපක්‍ෂ පදනම සහ පහත් බිම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ සංස්‌ථාව අතර ඇතිකරගත් කොන්ත්‍රාත් ගිවිසුමකට අනුව බවයි.

රජයේ තක්‌සේරුවට අනුව එය ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්‍ෂ 33 ක්‌ වැයවී ඇති බවත් ඉන් කොටසක්‌ මුලින් ගෙවා ඇති අතර පසුව සම්පූර්ණ මුදල ගෙවා අවසන් කළ බවත් එය දෙපාර්ශ්වය අතර සිවිල් හා වාණිජමය ගනුදෙනුවක්‌ බවත් පොදු දේපළ නීතිය යටත් නොවන බවත් පෙත්සම්කරු කියා සිටී.

තත්ත්වය එසේ තිබියදී 2015 වර්ෂයේදී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අමාත්‍ය ධුරයට පත්වූ ජාතික හෙළ උරුමයේ නායකයා වන පාඨලී චම්පික රණවක මහතා ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්‌මරණ ශාලාව ඉදිකිරීම සඳහා ඊට වැඩි මුදලක්‌ වැය වී ඇතැයි කියා සිටි බවත් ඉතිරි මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන බව දන්වා ඔහු සමීපව ඇසුරු කරන නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක්‌ එවූ බවත් ඒ අතර රජයේ මුදල් අවභාවිත කළැයි තමාට එරෙහිව බරපතළ අපරාධ විමර්ශන ඒකකය විසින් මහෙස්‌ත්‍රාත් උසාවියට සහතිකයක්‌ ගොනුකළ බව ත් පෙත්සමේ සඳහන් කර ඇත.

රජයේ බලවතුන්ගේ පෙළඹවීම පිට:

රහස්‌ පොලිසිය තමාට එරෙහිsව එකී පියවර ගෙන ඇත්තේ රජයේ බලවතුන්ගේ පෙළඹවීම පිට තමාගෙන් පළිගැනීමට හා අත්අඩංගුවට ගෙන ඇප නැතිව රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මේ නඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය පෙත්සමේ වග උත්තරකරුවන් වන පොලිස්‌පති, රහස් පොලිස්‌ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ බරපතළ අපරාධ විමර්ශන පොලිස්‌ ඒකකයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගේ පෙත්සම සලකා බැලීම අද : පක්ෂව හා විපක්ෂව පෝස්ටර්.
ගෝඨාගේ පෙත්සම සලකා බැලීම අද : පක්ෂව හා විපක්ෂව පෝස්ටර්.
http://ift.tt/2iqzWxQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_243.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_243.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy