දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අපේ නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ' - වීරකුමාර, විමල්ව පතුරු අරියි.
Homeගොසිප්

'අපේ නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ' - වීරකුමාර, විමල්ව පතුරු අරියි.

PropellerAds

“අද අපේ දේශපාලන නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ, වික්‍රමසිංහ හාමුට බයේ කතා කරන්නේ නෑ. බෙදීමක් ඇති කරන්න රටේ මතයක් ගෙන යනවා. මගේ මතය මෛත්‍රී, ම...

අලුත් ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක්වත් නෑ-පන්සල් බඩගගා සිල් පද කඩාගන්න එපා -රනිල්
බාත් පරපුරෙන් මතුවූ හින්දි නිළිය ආලියා බාත්
විමල් බිරිය ශෂීගේ පාස්පොට් නඩුවට සාක්ෂි දෙන්නැයි ටිල්වින්ට-හදුන්නෙත්තිට සිතාසි

“අද අපේ දේශපාලන නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ, වික්‍රමසිංහ හාමුට බයේ කතා කරන්නේ නෑ. බෙදීමක් ඇති කරන්න රටේ මතයක් ගෙන යනවා. මගේ මතය මෛත්‍රී, මහින්ද එකතු වුණේ නැතිනම් 2020 දී රටේ ජනාධිපතිවරයා වන්නේ රනිල් බව. රටේ බෙදීමක් ඇති වෙන්න ඕනෑ යැයි මතයක් ගෙන යන අය තමයි ඩොලර් පසුපස යන්නේ. වීරකුමාරලා ඩොලර් පස්සේ යනවා නම් කාගෙන් හෝ ඩොලර් ලබාගන්නවා නම් එය ඔප්පු කර පෙන්වන්න” යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05දා ) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. 

“ජාතික නිදහස් පෙරමුණු නායකයා හා නියෝජ්‍ය නායක වන මා අතර පවතින්නේ මත දෙකක්. නිදහස් පෙරමුණේ නායකයා විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයේදී මෛත්‍රී - මහින්ද බෙදී තරග කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මගේ මතය එකතු වී තරග කළොත් ජයග්‍රහණය කළ හැකි බවයි. මා ඉන්න පක්ෂය මොකක්ද කියන එක මට එච්චර වැදගත් නෑ. දේශපාලන තීරණය හා ගමන තමයි වැදගත් වන්නේ. වීර කුමාර දිසානායක තවදුරටත් ජාතික නිදහස් පෙරමුණත් එක්ක රැඳෙනවද? නැද්ද? කියන කාරණාව පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගනු ලබනවා.

අද නායකයෝ මුළුවලට වෙලා හැංගිලා. වික්‍රමසිංහට සැඟව සිට කැටපෝලයෙන් විදිනවා. එහෙත් එළියට ඇවිත් වීරයෝ වගේ ජනප්‍රිය වුණ පළියට චැනල් ටිකක් හම්බ වුණාම, කියන හැම කයිවාරුවක්ම චැනල්වල ප්‍රචාරය වෙනකොට මේ රටේ නායකයෝ ජනතාව ගොනාට අන්දලා ඉවරයි.  මේක රටේ මහ බරපතළ තත්ත්වයක්, අපරාධයක්.

දේශපාලනය කවදාවත් සදාකාලික එකට හිඳීම්වත් සදාකාලික වෙන්වීම්වත් නැහැ. ඒ දේශපාලනයේ හැටි. මේක වීරකුමාරගේ ප්‍රශ්නයක් නෙමේයි. මේ රටේ ප්‍රශ්නයක්.බෙදිලා ගිහින් අපට ජයග්‍රහණය කරන්න බැහැ. 2020 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට තුන් දෙනෙක් ඉදිරිපත් වෙනවා. අපි බෙදිලා තරග කළොත් රනිල් වික්‍රමසිංහ දිනනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක නායකයෙක්වත් ඔළුව පාවිච්චි කර කතා කරන අය නෙමේ. ගමට ගියාම සුමනක්කාගේ මතය විතරක් රටට ගෙනයන මාර නායකයෝ ටිකක් දැන් ඉන්නේ. නමුත් ඇත්ත දේශපාලනය එය නොවේ. ඉස්සර නායකයෝ කියන දේ තමයි ඉදිරියට අරගෙන ගියේ. දැන් මිනිස්සු කියන දේ අරගෙන යන නායකයෝ ටිකක් ඉන්නේ. මෙහෙම නායකයන්ට පුළුවන්ද රටක් හදන්න. ජනතාවට පඹයෝ වගේ නායකයෝ වැඩක් නැහැ”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අපේ නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ' - වීරකුමාර, විමල්ව පතුරු අරියි.
'අපේ නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නේ' - වීරකුමාර, විමල්ව පතුරු අරියි.
http://ift.tt/2ATb0dc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy