දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ සටන ආණ්ඩුවට අමාරුවෙයි : ඔමාර් නිසා පොහොට්ටුව ප්‍රබල වේ.
Homeගොසිප්

කොළඹ සටන ආණ්ඩුවට අමාරුවෙයි : ඔමාර් නිසා පොහොට්ටුව ප්‍රබල වේ.

PropellerAds

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට නිතැතින්ම ප්‍රමුඛ වටිනාකමක් හිමි වේ. ඒ මෙරට ප්‍රධාන නගරය අයත් පළාත් පාලන ආයතනය වීම හා විශාල ඡන්ද...

බුද්ධික ප්‍රසන්න ද සිල්වා සෝම හිමියන්ගේ මෑණියන් හමුවේ.
ඇස පාදන 'රැස' මේ සතියේ පත්තර ලෑල්ලට.
ලසන්තගේ ඥාතීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න - අමෙරිකාව ඉල්ලයි.

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට නිතැතින්ම ප්‍රමුඛ වටිනාකමක් හිමි වේ. ඒ මෙරට ප්‍රධාන නගරය අයත් පළාත් පාලන ආයතනය වීම හා විශාල ඡන්දදායකයන් ප්‍රමාණයක් සිටීම යන කරුණු හේතුවෙනි.

මේ නිසා කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වැඩි අවධානයක් යොමු කරන අතර එ් සඳහා ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් සහ වටිනාකමක් සහිත පුද්ගලයන් ඉදිරිපත් කිරීමට ප්‍රධනා දේශපාලන පක්ෂ නිතැතින්ම අවධානය යොමු කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපෙක්ෂකයන් පිළිබඳව අප මීට පෙර ද හෙළිකළ අතර එහිදී අප ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි. එහෙත් ඒ සඳහා ඔහුගේ අකමැත්ත පළවී ඇති අතර පොදුජන පෙරමුණේ අවසන් තෝරාගැනීම වී ඇත්තේ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම නාගරික කොමසාරිස්වරයෙකු ද වන ඔමාර් කාමිල් මහතාය.

ඔහු 1997 දී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ අතර ඉන්පසු 1999 වසරේදී නගරාධිපතිවරයා ලෙස පත් විය. 2006 වසරේ සිට කාමිල් මහතා නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර මේ නිසා පොදුජන පෙරමුණ කොළඹට සුදුසුම අපේක්ෂකයා තෝරාගෙන තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වී තිබේ.

එය කෙතරම්ද යත් මේ වනවිට කොළඹ නාගරික සීමාවේ හැමදාමත් සිය බලය පතුරුවන එක්සත් ජාතික පක්සය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අර්බුදයට ගොස් තිබේ. ඒ ඔමාර් කාමිල්ට තරගයක් දියහැකි නගරාධිපති අපේක්ෂකයෙකු තෝරගැනීම සම්බන්ධයෙනි.

කොළඹ නගරයේ අති බහුතරය මුස්ලිම් ජාතිකයන් වන හෙයින් නගර සභාව ජයග්‍රහණය කිරීමට නම් සහ කාමිල් මහතාට තරගයක් දීමට නම් මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම අනිවාර්ය වී තිබේ. එමෙන්ම කාමිල් මහතාට සිංහල ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ද ආකර්ශනය කරගැනීමේ හැකියාව පවතින අතර මෙය සෙසු පක්ෂ දෙකට බරපතල අවාසියකි.

එජාප නායකත්වය දෙළොවක් අතර

එක්සත් ජාතික පක්ෂයෙන් රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එහෙත් එජාප සාමාජිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ ඇයට සිංහල ඡන්ද හෝ ආකර්ශනය කරගැනීමේ හැකියාවක් නොපවතින බවයි. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ බැවින් මැතිවරණය ඉදිරිපත් වන්නේ පරාජිත අපේක්ෂකයෙකු ලෙසින් බවයි. එමෙන්ම ඇයගේ ආගමික මතවාද එජාපයට අවාසියක් වියහැකි වන අතර බෞද්ධ ඡන්ද පදනම දෙදරා යාමට එය හේතුවක් වන බවයි පාක්ෂිකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර මේ වනවිට තානාපති ධූරයක් දරන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඉදිරිපත් කිරීමේ උත්සාහයක් ද පවතින අතර එහෙත් තවමත් ඔහු ඒ සඳහා කැමැත්ත පළකර නොමැත. පාක්ෂිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ ඔහු ද කාමිල් මහතා අභිබවා යාහැකි මට්ටමේ පුද්ගලයෙකු නොවන බවයි. 

එජාප පාක්ෂිකයන් පවසන්නේ එජාපයේ බලකොටුවක් වන කොළඹ නගර සභාව, එජාප රජයක් යටතේම පරාජයට පත්වුවහොත් එය පක්ෂයේ අනාගතයට දැඩි බලපෑමක් වනු ඇති බවයි. මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ මානසිකත්වය තේරුම් ගැනීම වඩා වැදගත් වන බවත් ඔවුන්ටද එකඟ වියහැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන්නේ නම් එජාපයේ පරාජය සහතික බවත් ඔවුන්ගේ අදහසයි.

ශ්‍රීලනිපයෙනුත් මුස්ලිම් අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවතියද මේ වනවිට ඔවුන්ගේ තෝරාගැනීම වී ඇත්තේ අසාද් සාලි මහතාය. ඔහු හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ද වන අතර කෙසේ වෙතත් ඔහු තවමත් ඒ සඳහා කැමැත්ත පළකර නොමැත. ඒ බොහෝවිට කාමිල් මහතාට තරගයක් දිය නොහැකි බව ඔහු දන්නා නිසා විය හැකිය. එදිරිසිංහ පවුලේ දීපා එදිරිසිංහ මහත්මිය ඉදිරිපත් කිරීම කෙරෙහිද ශ්‍රීලනිප නායකත්වයේ අවධානය යොමුව ඇති අතර එහෙත් ඒ සඳහා ඇත්තේ ඉතා සීමිත ඉඩකි. ඇය ඉදිරිපත් වුවද එය කිසිසේත්ම කාමිල් මහතාට තරගයක් දීමට ප්‍රමාණවත් නොවේ.

කොළඹ නගර සභාව ජයගැනීමට නම් මුස්ලිම් ඡන්ද දිනාගැනීම අනිවාර්ය වන අතර එ්කාබද්ධ විපක්ෂය එම තක්සේරුව නිවැරදිව අවබෝධ කරගෙන තිබේ. එජාපය හා ශ්‍රීලනිපය ප්‍රබල මුස්ලම් අපේක්ෂකයෙකු නගරාධිපති තනතුරට ඉදිරිපත් නොකරන්නේ නම් මුස්ලිම් ඡන්ද පදනමට බලපෑම් කළහැකි මුස්ලිම් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති අතර එසේ නොමැති වුවහොත් මැතිවරණයේදී ප්‍රබල ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කිරීමට සිදු වනු ඇත.

කොළඹ නගරයේ මුස්ලිම් සාධකය

රාජපක්ෂ පාර්ශ්වය සම්බන්ධයෙන් කොළඹ මුස්ලිම් ජනතාවගේ දැඩි විරෝධයක් පවතින අතර එයට හේතුව රාජපක්ෂ පාලන සමයේදී ඔවුන් විවිධ අපහසුතා විඳින්නට සිදුවීමයි. මෙම තත්වය රාජපක්ෂවරුන් හොඳින්ම අවබෝධ කරගෙන තිබෙන අතර ඔවුන්ගේ සහයෝගය ලබාගත හැකි එකම විකල්පය වන්නේ ප්‍රබල මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. එවිට ඉතිහාසයේ සියලු සිදුවීම් අමතක කර දමා මුස්ලිම් ඡන්දදායකයන් කාමිල් වටා එකතු වනු ඇත.

මෙම තත්වය එජාපය හා ශ්‍රීලනිපය තේරුම් නොගත් අතර අවසානයේ ඔවුන් හොඳම අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් පඹගාලක පැටලී තිබේ. පාක්ෂිකයන්ගේ අදහස්වලට අනුව එජාපය තවමත් මෙම තත්වය තේරුම් ගෙන නොමැති අතර එජාප නායකත්වය කුමන අපේක්ෂකයෙකු යටතේ හෝ කොළඹ නගරයේ ජයග්‍රහණය පිළිබඳ අධි තක්සේරුවකින් සිටින බව පෙනේ. මීට පෙර පඹයෙකුගෙන් හෝ කොළඹ ජයග්‍රහණය සහතික බව එජාපය දැන සිටියද එම තත්වය වර්තමානයේදී වෙනස් වී ඇති බව ඔවුන් දැන් හෝ තේරුම් ගත යුතුය.

කෙසේ වෙතත් ඔමාර් කාමිල් මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසන්නේ ඔහු තවමත් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා කැමැත්ත පළකර නොමැති බවයි. ඔහු මීට පෙර එජාපයෙන් නගරාධිපති තනතුරට පත්වූ අතර පසුව නාගරික කොමසාරිස්ධූරයට පත්කරනු ලැබූයේ හිටපු ජනාධිපතිවරයා විසින්. ඔහු මෙම දින කිහිපය තුළ ගන්නා තීරණය කොළඹ මහ නගර සභාවේ බලය හිමිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ සටන ආණ්ඩුවට අමාරුවෙයි : ඔමාර් නිසා පොහොට්ටුව ප්‍රබල වේ.
කොළඹ සටන ආණ්ඩුවට අමාරුවෙයි : ඔමාර් නිසා පොහොට්ටුව ප්‍රබල වේ.
http://ift.tt/2jaS2UG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_429.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_429.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy