යාපනය ශික්ෂණ රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් විවෘත හෘද සැක්කමක් පෙරේදා (20) දින සාර්ථකව සිදු කර ඇත. වවුනියාවේ පදිංචි 27 හැවිරි...
යාපනය ශික්ෂණ රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් විවෘත හෘද සැක්කමක් පෙරේදා (20) දින සාර්ථකව සිදු කර ඇත.
වවුනියාවේ පදිංචි 27 හැවිරිදි S.Rajasekaran මහතාට මෙම හෘද සැත්කම සිදු කර ඇත. හෘද රෝග විශේෂඥ වෛද්‍ය M.SMugunthan, සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය S.Premskrishna යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම සැත්කමට සහභාගි වී සිටියහ.
මෙම රෝගියා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. සත්‍යමුර්ති මහතා පවසයි.
මෙම සැත්කම සිදු කිරීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් දැනුම් දෙන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා හෘද සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන්ට සුභ පැතුම් එක් කරන ලදි.
COMMENTS