දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප සාකච්ඡාවල එකඟතාවක් නෑ : පොහොට්ටුව නැමෙනකන් බලා සිටියි
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිප සාකච්ඡාවල එකඟතාවක් නෑ : පොහොට්ටුව නැමෙනකන් බලා සිටියි

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයා වන ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස්...

එදා කබරගොයෙක් වූ මංගලගේ මිල සූත්‍රය ආණ්ඩුවට දැන් තලගොයෙක් වෙලා
මෙරට උද්දමනය ඉලක්කම් දෙකක වාර්තාගත අගයක.. පාකිස්තානයට ආසන්න වේ..
විහිළුකාරයෝ කැබිනට්ටුවේ දාගෙන රටක් හදන්න බෑ. ජනතාව දැනටත් මේක ෆේල් කියනවා - විදුර (VIDEO)
දිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයා වන ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී (30) රැස් වුවද එහිදී අවසන් නිගමනයකට පැමිණ නොමැත.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 05 වැනිදා යළි කැඳවෙන බවට වාර්තා වේ.

ජනාධිපතිවරණයේ එක්ව තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ අවස්ථා කිහිපයකදී මුණගැසී සාකච්ඡා පැවැත්වුහ.

කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකගතාවයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුවිය.

ඒ ගැන යම් විරෝධතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුකලද පසුව සාකච්ඡා යළි ඇරඹිණි. එහිදී දෙපාර්ශවය අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ගැන එකඟතාවක් ඇතිවූ නමුත් ඔහු තරග කරන පක්ෂය ගැන එකගතාවකට ඒමට නොහැකි විය.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ද පසුගිය සෙනසුරාදා පැවැත්විණි.

ගෝඨාට ඡන්දය දෙන්න ජාතික වැඩපිළිවෙලක් ඕන - ජනපති

"මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජන්දේ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇතිකරගන්නා ජාතික එකඟතාවක් තුළ නමුත් පොහොට්ටුව ලකුණට ජන්දේ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ කියලා අපි කිව්වා" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ සාකච්ඡාවේ කරුණු එසේ පවසුවේ පෙරේදා (29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

ඊළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ තරග කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව සලකුණ වෙනස්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අකමැත්ත පළකර තිබෙන අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එලෙස වෙනත් සලකුණකින් එක්ව තරග කළ හැකි බව පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාදී තිබෙන මෙම තීරණය පිළිබඳව අද ජනාධිපතිවරයා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා බීබීසි සිංහල සේවයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලි විය යුතු බවයි.

"අපි කිසිම කොන්දේසියක් දාලා, අපි කිව්වේ අපේ පාක්ෂිකයන්ට ගිහිල්ල ඡන්දෙ දෙන්න පුළුවන් පොදු ලකුණක් හදා ගමු කියාලා. හැබැයි ඒකට එකඟවුනේ නැහැ. එත් අපි කලබල වෙන්න නැහැ. මොකද අද රට ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක්" දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමාදාස ද තම පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඉල්ලා තිබෙන බව පවසා ඇති දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් කර ඇත.

මේ අතර, පෙරේදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැලිය ඇමතු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍යනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍යම බව සඳහන් කළේ තමන් ඒ පිළිබඳව කළ ඡන්ද පුරෝකතනයක් සභාවට ඉදිරිපත් කරමිනි.

"ඡන්ද වලින් 80%ක් වැටුනොත් ඡන්ද වැටෙන්නේ එක් කෝටි විසි නම ලක්ෂයක්. එකෙන් දිනන්න ලක්ෂ 65ක් ගන්න ඕනේ. කොච්චර වාසි විදිහට ගණන් හැදුවත් පොදුජන පෙරමුණට ගන්න පුළුවන් ලක්ෂ 56යි 2018 පළාත් පලාන ප්‍රතිපල අනුව. ඉතිරි ඡන්ද 8 ලක්ෂ ගාන දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය”

"අපි නැතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔහොම නෙවෙයි පාර දිගේ ඡන්ද ඉල්ලුවත් ඡන්ද ගන්න බැහැ. ඒ දිනන ඡන්ද ටික තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළඟ." දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ලකුණු වැඩක් නෑ වැදගත් අපේක්ෂකයා - ගම්මන්පිල

මේ අතර ඊයේ (30) කොළඹදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ වැදගත් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා මිස ඔහුගේ සලකුණ නොවන බවය.

පක්ෂය සහ සලකුණකට ජනාධිපතිවරයෙක් පාලනය කළ නොහැකි බව හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උදාහරණයකට ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 99%ක් ගෝඨාභය රාජපක්ෂට සහය දෙන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂට සහය නොදිය යුතු යන මතයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිටින අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහි ප්‍රධාන ස්ථානයක් ගනී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසන අතර ඒ සඳහා තමන්ද සුදානම් බව ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් තමන්ට වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

මෙ අතර පක්ෂය කුමන තීන්දුව ගත්තද තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප සාකච්ඡාවල එකඟතාවක් නෑ : පොහොට්ටුව නැමෙනකන් බලා සිටියි
ශ්‍රීලනිප සාකච්ඡාවල එකඟතාවක් නෑ : පොහොට්ටුව නැමෙනකන් බලා සිටියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgasGVxo7kywz-z8pjnhOjomFW8ok4TMjfEhluAkRxDrinyYOm56FsOcoVM9VhkvVSTvMD2hCGBNPn4doD54c9j6yyfcrzHfu9li6bjSIV7ZTUI4K3Yk7BjyK1Ljc0Rm3E5H3MJNNdaLpaI/s320/2f4ef0deb525622fe67021ccc13da69d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgasGVxo7kywz-z8pjnhOjomFW8ok4TMjfEhluAkRxDrinyYOm56FsOcoVM9VhkvVSTvMD2hCGBNPn4doD54c9j6yyfcrzHfu9li6bjSIV7ZTUI4K3Yk7BjyK1Ljc0Rm3E5H3MJNNdaLpaI/s72-c/2f4ef0deb525622fe67021ccc13da69d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy