ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානී විජේවික්‍රම මහත්මිය ජනාධි...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානී විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක් වෙයි.
ඊයේ(10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමූ වූ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව සඳහන් කළාය.
මේ අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ද මෙහි දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර එහි ජනතාව වෙනුවෙන් එම සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS