දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් ජනාධිපති කොමිසම, 'ෆුට් නෝට් කල්ලිය' සතුටු කිරීමටයි.
Homeගොසිප්

අලුත් ජනාධිපති කොමිසම, 'ෆුට් නෝට් කල්ලිය' සතුටු කිරීමටයි.

PropellerAds

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවා ගැන පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිසම් පත් කිරීමට යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ෆුට්නෝට් කල්ලිය සතුටු...

යන්න කිව්වත් නොගිය දිනේශ් පාර්ලිමේන්තුවෙන් එළවන්න කතානායක පොලිසිය කැඳවලා
වසර 16 කට පසු බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ
Visakha - Musaeus First Big Match 2017

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවා ගැන පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිසම් පත් කිරීමට යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ෆුට්නෝට් කල්ලිය සතුටු කිරීමට බව එකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් සභා වාර්තාව නීතිපතිට යොමුකර බැඳුම්කර වංචනිකයන්ට නීතියෙන් දඬුවම් ලබාදීමට පෙර තවත් කොමිසමක් පත් කිරීමෙන් බැඳුම්කර වංචාව යට ගැසීම සඳහා සූදානමක් පවතිනවාද යන්න මේ රටේ පොදු ජනතාවට යම් සැකයක් ඇතිවන බවද ලොකුගේ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ යම් අක්‍රමිකතා සිදුවී තිබෙනවා නම් වසර 3ක් බලා සිටියේ ඇයිද යන ප්‍රශ්නයක් මතුවන බවත් පළාත් පාලන මැතිවරණයට පෙර යම් දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් මේ කොමිසම් පත් කිරීමට යන බවත් ලොකුගේ මහතා පවසයි.

දේශපාලන පළිගැනීම් සිදුකිරීමට ජනාධිපති කොමිසම් ඇතුළු කුමන යාන්ත්‍රණ ක්‍රියාත්මක කළද පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්වීමට රටේ පොදු මහ ජනතාව බලාගෙන සිටින බවද ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.

ග්‍රීක් බැඳුම්කර මගඩිය ගැනත් සොයන්න !

ග්‍රීක් බැඳුම්කර සිද්ධියේදී රජයට සිදුවූ රුපියල් මිලියන 3300ක (රුපියල් බිලියන 3.3) ආලාභය ගැනත් සොයන්න

මේ අතර, ඉදිරියේදී පත්කිරීමට නියමිත ජනාධිපති කොමිසමේ රාජකාරි යටතට රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ග්‍රීක් බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ද විමර්ශනය කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් මේවනවිට ඉල්ලීමක් කර තිබේ.

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් හරහා මෙම ඉල්ලීම කර ඇතයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එජාප මන්ත්‍රීවරුන් පිරිස මෙම ඉල්ලිම කර ඇත්තේ, මිහින් ලංකා හා ශ්‍රීලන්කන් ආයතන වල සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීමේ දී කල ප්‍රකාශයෙන් පසුවය.

ග්‍රීක් බැඳුම්කර සිද්ධියේදී රජයට රුපියල් මිලියන 3300ක (රුපියල් බිලියන 3.3) ආලාභයක් සිදුව ඇතැයි ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන්, යහපාලන රජය යටතේ සිදුවූ බව කියන බැඳුම්කර සිද්ධියේදී සිදුව ඇතැයි පැවසෙන්නේ රුපියල් මිලියන 898ක අලාභයක් බවද සඳහන් කර තිබේ.

ජනමාධ්‍ය වලට තහංචි :

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීම, සේවක අර්ථ සාධක අරමුදල් අවභාවිතය, දේශීය බැඳුම්කර පුද්ගලික මට්ටමින් ලබාදීම ඇතුළු මේ කිසිදු චෝදනාවක් පිළිබඳ විධිමත් පරීක්ෂණ නොපැවැත්වුණු අතර ඒ පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කිරීම අවුරමින් එකල ජනමාධ්‍ය වෙත තහංචි ද පනවා තිබිණි.

එවක තිබුණු කෝප් කමිටු මගින් ඉදිරිපත් කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු අතර සමහර අවස්ථාවල චුදිතයන් ආරක්ෂා කරලීම සඳහා කමිටුව ක්‍රියා කළ බවට ද පාර්ලිමේන්තුව තුළ චෝදනා නැගිණි.

එසේම දූෂණ චෝදනා නිසියාකාරව සොයා බලන්නට ඉදිරිපත් වූ විජේදාස රාජපක්ෂ වැනි මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු සභාපතිත්වය පමණක් නොව, පක්ෂ සාමාජිකත්වයද අහිමි කරන තැනට වැඩ සැලැස්විණි.

රාජපක්ෂ රෙජිමය එකඟ නොවු බව:

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස15 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුයේ, ග්‍රීක් බැඳුම්කර මගින් රාජපක්ෂ රෙජිමය රටට රුපියල් බිලියන ගණනක් අහිමි කළ බවත් ඒ පිළිබඳව වරදකරුවන්ට දඬුවම් දීම තබා ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමටවත් රාජපක්ෂ රෙජිමය එකඟ නොවු බවයි.

2015දී සිය ධුරය භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම කාර්යය වූයේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ පෞද්ගලික තැන්පත් කිරීම් පුරුද්ද ඉවත දමා නව සාමූහික රජයේ ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් බැඳුම්කර වෙන්දේසි මගින් විකිණීම වෙතට යොමුවීම බව අගමැතිවරයා එම නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

පෙර පැවති පාලනයන් මෙන් නොව රජයට හෝ රජයේ නිලධාරින්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම සොයා බැලිමට රජය සෑම විටම ක්‍රියා කර ඇති බවත් මින් ඉදිරියටත් එම පිළිවෙත අනුගමනය කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම නිවේදනය මගින් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් ජනාධිපති කොමිසම, 'ෆුට් නෝට් කල්ලිය' සතුටු කිරීමටයි.
අලුත් ජනාධිපති කොමිසම, 'ෆුට් නෝට් කල්ලිය' සතුටු කිරීමටයි.
http://ift.tt/2DhPRXs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_236.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_236.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy