දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 16 කට පසු බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ
Homeගොසිප්

වසර 16 කට පසු බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ

PropellerAds

වසර 16 කට පසු  බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ ප්‍රකට පුද්ගලයින්ගේ පවුල් ජීවිත ගැන කා...

නත්තල් අවුරුදු සමරන්න ජනපති පවුල පිටින් සතියක් තායිලන්තයේ
නත්තතල් දා අගරදගුරු ‘යූ ටර්න්’ ගසයි,දිවැසිවරු මවිත වෙති..
මංගලයි රවීයි නත්තල් සීයලා වෙලා (අඟහ කාටූන්)

වසර 16 කට පසු 
බිරිය දරු තිදෙනා අතැර
නව ඕවරයක් ඇරඹූ
චමින්ද වාස් ගැන

බිරිය වාසනා එදා කිව්ව දේ


ප්‍රකට පුද්ගලයින්ගේ පවුල් ජීවිත ගැන කාලයක් තිස්සේ විවිධ ලෙස මාධ්‍ය තුළින් ප්‍රසිද්ධිය ලැබූ පසුව ඔවුන් වෙනස්වන අවස්ථාවල මෙහෙම දේවල් වුනේ කෙසේදැයි පාඨකයින් පුදුමකරවූ සිද්ධි මේ කාලයේ නිරන්තරයෙන්ම අහන්නට ලැබේ.
ප්‍රකට ක්‍රීඩක චමින්ද වාස් තම බිරිය වාසනා හා දරු තිදෙනා අතැර අලුත් විවාහයකට පිවිසීම ගැන ආරංචියද පොදු පාඨකයාට මේ ප්‍රසිද්ධ ජීවිත ගැන ඇතිවූ තවත් විමතිදායක ආරංචියකි.
පුතුන් දෙදෙනෙකු හා දියණියක සිටින චමින්ද වාස් මින් වසර කිහිපයක ඉහත සිට සිය පළමු විවාහය
ගැන උනන්දුව අතහැරිය බව කියැවේ. චමින්ද-වාසනා යනු මින් වසර කිහිපයකට පෙර සුන්දරම ක්‍රිකට් යුවළ තෝරන තරගයක එක්තරා ජයග්‍රහණයක් පවා උරුම කරගත් යුවළකි. ඒ කාලයේ ඔවුන් මාධ්‍ය වෙතද සිය පවුල් ජීවිතය ගැන ආකර්ෂණීය අදහස් දක්වා තිබුණි.

නමුත් දැන් සියල්ල වෙනස් වී ඇත. වාස් අයර්ලන්තයේ පුහුණු කරුවෙකු ලෙස වැඩකරන කාලයේ හමුවූ බර්නි ද අල්විස් නමැති කාන්තාව සමග ගොඩනගා ගත් මිතුදම පසුව ප්‍රේමයකට පෙරළිනි. දැන් ඔවුන් විවාහ ජීවිතයට පිවිස ඇත.
බිරිය දුව හා පුතුන් දෙදෙන යන සිව්දෙනාම සමග වසර 16 ක පවුල් ජීවිතය අතැර වාස් අලුත් ජීවිතයක් අරඹා ඇත. මේ කාරණාවලට බලපෑ හේතු කෙතරම් දුරට සාධාරණද නැද්ද යන්න දන්නේ ඔවුන් පමණි. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුපිරි ආදායම් හා සුපිරි ජීවිත ගැන නිතර අසා පුරුදු ලංකාවේ අයට මෙම කාරණාව නිසා අමුතු හැඟීමක් ඇති නොවන්නටද ඉඩ තිබේ.
මින් වසර කිහිපයකට ඉහතදී වාස් හා බිරිය පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දැක්වූ අදහස් මෙහිදී නැවත විමසා බැලීම වටී. (පහත සම්මුඛ සාකච්ඡාව 2010 පළවූවකි)

චමින්දගෙන් ඇසූ ප්‍රශ්න හා පිළිතුරු
-----------------------
කාර්ය බහුලත්වය කියන්නේ ඕනම කෙනෙක්‌ව තමන්ගේ පවුලෙන් ඈත් කර තැබීමක්‌?
ඒක ඇත්ත. නමුත් මම ටෙස්‌වලින් ඉවත් වුණාම කාලය ගොඩක්‌ ඉතුරු වුණා. ඒ කාලය මම වැය කරන්නේ මගේ බිරිඳ, මගේ දරුවෝ වෙනුවෙන්. මම ඒ කාලයේදී ඔවුන්ගේ ළඟින්ම ජීවත් වුණා. ඇත්තටම එහෙම ගත කරන පවුල් ජීවිතයක්‌ හරිම ලස්‌සනයි. ඒ නිසා මම නිතරම බලන්නේ ඒ දේ හරියට ඉටු කරන්න.

නමුත් ජනප්‍රියත්වය කියන්නෙත් පවුල් ජීවිතවලට බාහිර බලපෑම් එන මගක්‌ ?
විවාහකයෙක්‌, දරුවන්ට තාත්තා කෙනෙක්‌ වුණහම තමන්ගේ ගෙදර ගැන සොයල බලල යුතුකම් ඉටු කිරීම තමයි මූලික වෙන්නේ. ඒ වගකීම මගෙන් ඉටු වෙන නිසා අනවශ්‍ය ප්‍රශ්න අප අතර නැහැ.

දරුවෝ, බිරිඳ වෙනුවෙන් ඔබ ගෙදර වැඩවලදී මොනවගේ සහයක්‌ ද දෙන්නේ?
ගොඩක්‌ වෙලාවට දරුවෝ තුන්දෙනාව නාවන්නේ සෝදන්නේ මම. ඒ අයට ඇඳුම් අන්දවන කටයුතු පාසල් රැගෙන යැම වගේ දේවල් මට පුළුවන් විදිහට මම කරනවා.

තනිකඩ කාලේ හීනෙන්වත් හිතුවද මේ වගේ වගකීමක්‌ දරන්න පුළුවන් වෙයි කියලා?
ඇත්තටම ඒ කාලේ එහෙම හිතුණේ නැහැ. බැන්දට පස්‌සේ, දරුවෝ ලැබුණට පස්‌සේ හැමදේම වෙනස්‌ වෙනවා. හැමදේම බිරිඳට පවරලා නිකම් ඉන්න මම කැමැති නැහැ.

ඔබේ බිරිඳව තෝරා ගැනීමට විශේෂ හේතුවක්‌ තිබුණ ද?
මම වෘත්තීය ක්‍රීඩකයෙක්‌ වෙන්න කලින් තමයි ඇයව හමුවුණේ. එයා සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරන හොඳ කෙනෙක්‌. එදා ඉඳන් අදටත් අපි ආදරෙන් ඉන්නවා.

----------------




වාසනාගෙන් ඇසූ ප්‍රශ්න හා පිළිතුරු

 වාස්‌ගේ බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?
මට හරිම ආඩම්බරයි. ඒ නිසාම මටත් ගොඩක්‌ අය සලකනවා. මම ආසම දේ තමයි ගොඩක්‌ දෙනෙක්‌ නිතරම එයාගේ හොඳ ගැන කතා කිරීම.

වාස්‌ මොනවගේ ගති ගුණ ඇති සැමියෙක්‌ ද?
චමින්ද ඉතාමත් හොඳ සැමියෙක්‌. මොන තරම් කාර්ය බහුල වුණත් අපි ගැන සොයා බලනවා. ඇත්තටම මට හරිම ආඩම්බරයි මම එයාගේ බිරිඳ වීම ගැන.

පෙම්වතා සැමියා වුණහම පෙම්වතිය බිරිඳ වුණහම සිතන පතන විදිහේ වෙනස්‌කම් ඇතිවෙන අවස්‌ථා තිබෙනවා. මේ අත්දැකීම් ඔබටත් තියෙනවාද?
ඔව් තියෙනවා. ඒක තමයි එයා බැන්දට පස්‌සේ ගොඩක්‌ හොඳ කෙනෙක්‌ වුණා. ආදරය කරන කාලේ එයාට හරියට කේන්ති යනවා. ඒ කාලේ මම චුට්‌ටක්‌ පරක්‌කු වුණත් හරියට කලබල වෙනවා. කේන්ති යනවා. හැබැයි බැන්දට පස්‌සේ ඒ ගති ඔක්‌කොම වෙනස්‌ වුණා. මගේ හිත රිදෙන කිසිම දෙයක්‌ නොකර ඉන්න තමයි උත්සාහ කරන්නේ. දුව ලැබුණට පස්‌සේ ගොඩක්‌ වෙනස්‌ වුණා. පුතාල දෙන්නට පස්‌සෙත් එහෙමයි.

තාත්ත කෙනෙක්‌ විදිහට වාස්‌ දරුවන්ට තිබෙන බැඳීම මොනවගේද?
එයාගේ ලෝකේ දරුවෝ තුන්දෙනා තමයි. එයා දරුවන්ට හරිම ආදරෙයි. මම ඉස්‌සර ගෙදර වගකීම් එයාට වැඩිය කියන්නේ නැහැ. එයා හරියට කලබල වෙන නිසා. ක්‍රිකට්‌ වගේම ගෙදර වැඩත් හොඳින් ඉටු කරන්න එයා දන්නවා.

තාත්තා ගෙදරින් ඈත්වෙලා ඉන්න අවස්‌ථාවල දරුවන්ට ඒ දේ දැනෙන්නේ කොහොමද?
දුව නම් ටිකක්‌ ලොකු නිසා දැන් පුරුදුයි. පුතාල දෙන්නට නම් ඒක හොඳට දැනෙනවා. විශේෂයෙන් ලොකු පුතාට ඒක දරාගන්න අමාරුයි.

ගෙදර වැඩ බෙදාගෙනද කරන්නේ?
පොඩි අයගේ වැඩ නම් එයාට කියන්න ඕන නැහැ. කිරි බෝතලේ ඉඳන් සෝදනවා.

රසිකාවියන්ගේ ප්‍රතිචාරවලට හිත ගැස්‌සුන අවස්‌ථා නැතිවෙන්න බැහැ?
පෙම්වතිය විදිහට සිටි කාලෙ නම් ඒවා දරාගන්න අමාරු වුණා. බැන්දට පස්‌සෙ නම් මම තේරුම් ගත්තා. කොහොමත් චමින්ද දන්නවා එයාලව ආශ්‍රයකරන්න ඕන විදිහ වැඩිපුර එන අයව තියාගන්න ඕන සීමාව එයා දන්නවා. ඒ නිසා ඒ ගැන බියක්‌ නැහැ.

වාස්‌ ජනප්‍රිය කෙනෙක්‌ නිසා ගෙදරින් පිටවෙලා ඉන්න වෙලාවට ඉරිසියාවක්‌ එහෙම හිතෙන්නැද්ද?
විශ්වාසය කියන දෙය පවුලක්‌ වුණහම හොඳින් තියෙන්න ඕන. ඒක තමයි අප අතර තිබෙන බැඳීම. දැන් අපි බැඳල වසර එකොළොහක්‌ වෙනවා. කවදාවත් ඒ විශ්වාසය බිඳිලා නැහැ.

(සාකච්ඡා සටහන -රංග විදානේ - ඡායා - නදුන් බදුගේ)




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 16 කට පසු බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ
වසර 16 කට පසු බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ
http://ift.tt/2lX4Ih0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy