අතුරුදන්වීමේ කාර්යාලය රණවිරුවන්ට විරුද්ධව සාක්කි මවන ෆැක්ටරියක් බවට පත්ව ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊ...
අතුරුදන්වීමේ කාර්යාලය රණවිරුවන්ට විරුද්ධව සාක්කි මවන ෆැක්ටරියක් බවට පත්ව ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (19) කොළඹදී පැවසීය.
රණවිරුවන් සුරකින බවට ප‍්‍රතිඥා දෙන ජනපති අතුරුදන්වීමේ කාර්යාලය වසා දැමීමට වහාම පියවර ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී එළිය සංවිධානය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
‘‘එක්සත් ජාතීන්ගේ විවිධ කණ්ඩායම් තිහයි එක කියන ජිනීවා යෝජනාවලට අනුව දැන් වරින් වර අපේ රටට පැමිණෙමින් සිටිනවා. මානව හිමිකම් කඩකිරීම්, වධහිංසා, බලහත්කාරයෙන් රඳවා ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පසුගියදා පැමිණියා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශ නියෝජිතයන්ට කාශ්මීරයට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු වලට විදේශීය රටවල් ඇඟිලි නොගැසිය යුතුය කියන ස්ථාවරයේ ඉන්දීය රජය සිටිනවා. ඕනම කෙනකුට අපේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න අපේ නායකයෝ අවසර දීලා තියෙනවා. අපේ මුළු රටේ ජනතාවටම කරන නිග‍්‍රහයක් විදියට තමයි අපි එය සළකන්නේ‘‘
COMMENTS