දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාවෙන අවි ගබඩාව හැදුනේ ඇයි? ගෝඨා හෙළිකරයි
Homeප්‍රවෘත්ති

පාවෙන අවි ගබඩාව හැදුනේ ඇයි? ගෝඨා හෙළිකරයි

PropellerAds

පසුගිය යුධ සමයේ ඇතිවූ අවශ්‍යතාවන් මත ගනු ලැබූ තීරණයකට අනුව මෙරටට අයත් පාවෙන අවි ගබඩාවක් නිර්මාණය කළ බවත් එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් න...

බස් ගාස්තු අද සිට ඉහළට සංශෝධිත නව බස්ගාස්තු මෙන්න
පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..
කුණු ගොඩක් වූ කුණු ප්‍රශ්නය
පාවෙන අවි ගබඩාව හැදුනේ ඇයි? ගෝඨා හෙළිකරයි

පසුගිය යුධ සමයේ ඇතිවූ අවශ්‍යතාවන් මත ගනු ලැබූ තීරණයකට අනුව මෙරටට අයත් පාවෙන අවි ගබඩාවක් නිර්මාණය කළ බවත් එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීම අසාධාරණ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්නා ලංකා සමාගම හා එක්ව මෙරටට අයත් පාවෙන අවි ගබඩාවක් නිර්මාණය කිරීමත් ඊට පසුබිම් වූ කාරණා පිළිබඳවත් පැහැදිලි කළේය.

පාවෙන අවි ගබාඩවක් ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද එය ලෝකයේ අනෙක් රටවලට සාමාන්‍ය කාරණාවක් බව ඒ මහතා මෙහිදී කියාසිටියේය.

මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම රටකින්ම තමන්ට කළ හැකි දෙයක් කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අනුව බලගතු රටවල් විසින් නාවික සංචිතයක් නිර්මාණය කර මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීමට උත්සහ ගත්තද එය අසාර්ථක වූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ඉන්පසුව ලෝකය තුළ වානිජ නැව්වල අවිගත් ආරක්ෂක භටයින් ස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වූ බවත් එය සාර්ථකත්වයට පත්වූ බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමේදී රක්නා ලංකා ආරක්ෂක සමාගම තවත් පෞද්ගලික සමාගම් 22ක සහයෝගයෙන් එවැනි ආරක්ෂක භටයින් ස්ථාපිත කිරීමට හැකිවූ බවත් ඉන් විශාල රැකියා ප්‍රමාණයක් ලබාදීමටත්, පසුකාලීනව පිටරටින් ගෙනෙන අවිආයුධ ආරක්ෂිත ලෙස තබාගැනීමේ අවශ්‍යතාවය සපුරාදීමටත් හැකිවූ බව ඒ මහතා කියාසිටියේය.

ජාත්‍යන්තර මුහුදේ මෙවැනි පාවෙන අවි ගබඩා 40ක් පමණ විවිධ සමාගම් විසින් පවත්වාගෙන යන බවත් ඇවන්ගාඩ් සමාගම ද ආරාබි මුහුදේ සහ රතු මුහුදේ එවැනි අවි ගබඩා 02ක් පවත්වාගෙන ගිය සමාගමක් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මෙම අවිගබඩා සම්බන්ධයෙන් කිසිදු රටක නීතියක් නිර්මාණය වී නොතිබූ බවත් ඒවා යහපත්ව පාලනය කරගැනීමේ ක්‍රමවේදය පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර - කමල් සුරවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාවෙන අවි ගබඩාව හැදුනේ ඇයි? ගෝඨා හෙළිකරයි
පාවෙන අවි ගබඩාව හැදුනේ ඇයි? ගෝඨා හෙළිකරයි
http://ift.tt/2cWPJ4l
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_944.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_944.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy