මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙ...
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (27) රාත්‍රී උඩුදුම්බර - මහනුවර ප්‍රධාන මාර්ගයේ නීති විරෝධී ලෙස පෝස්ටර් අලවමින් සිටියදී හිටපු සභාපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඔවුන් සතුව තිබී පෝස්ටර් තොගයක් සහ ඒවා ඇලවීමට යොදාගත් ද්‍රව්‍ය මෙන්ම කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS