මංගල ඇමතිතුමා, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ වෙනත් දෙයක් නොකර පොලිස් කොමිසමට පැමිණිලි කිරීම පිළිබඳව වඩාත්ම සතුටු වන පුද්ගලයා වන්නේ පොලිස්පත...
මංගල ඇමතිතුමා, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ වෙනත් දෙයක් නොකර පොලිස් කොමිසමට පැමිණිලි කිරීම පිළිබඳව වඩාත්ම සතුටු වන පුද්ගලයා වන්නේ පොලිස්පති පූජිත් සේනාධී බණ්ඩාර ජයසුන්දර මහතාය. ඒ මන්ද යත්, එතනින් එහාට කිසිම දෙයක් සිදු නොවන බව ඔහු ඒකාන්තයෙන්ම දන්නා නිසාවෙනි.
පොලිස් කොමිසමේ යම් යම් සාමාජිකයන් මේ වනවිට සිදුකරමින් සිටින්නේ තමන්ට පැමිණිලි ලැබී ඇති බව කියමින් විවිධ පොලිස් නිළධාරීන් අල්ලේ නැටවීමය. එසේ නොවන බව පොලිස් කොමිසම පවසන්නේ නම් සාක්ෂි සහිතව එම චෝදනා ඔප්පු කිරීමට අප සූදානම්ය.
පොලිස්පතිවරයාගේ තර්ජනයට හා පහරකෑමට ලක්වූ විදුලි සෝපාන ක්‍රියාකරුගේ පැමිණිල්ල අපගේ නීතිඥ සහායෙන් ව්‍යවස්ථාදායක සභාවට හා පොලිස් කොමිසමට එවා දැනට මාස 05 කට ආසන්න වේ. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා, පොලිස්පතිරවයා අමතා ප්‍රකාශ කොට ඇත්තේ 'අපි තමුන්නාන්සෙ ගැන තීන්දුවක් ගන්න කලින් ගෞරවනීය ආකාරයට ඉල්ලා අස්වන්න' කියාය. නමුදු එම ඉල්ලීම පොලිස්පතිවරයා විසින් සත පහකට මායිම් කොට නැත.
පොලිස්පතිවරයා දිගින් දිගටම සිදුකරමින් සිටින්නේ තමුන්ගේ වැරදි නිවැරදි කරගැනීම නොව තමන්ගේ වැරදි ක්‍රියා විරක්‍රියා ලෙස හුවා දැක්වීමය. ඔහුට ඒ සඳහා කාගේ හෝ විශාල හයියක් ලැබී තිබේ. 'ලංකාවේ ජනතාවට ඕනෑම සිදුවීමක් මතක තිබෙන්නේ සුමාන දෙකයි' යන වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සුප්‍රකට කියමන අත්දැකීමෙන් දන්නේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරය.
මංගල හා පූජිත ගජ මිතුරන්ය
මංගල ලංකාවට පැමිණි වහාම ඔහු හමුවීමට ගොස් හොඳ සැලියුට් එකක් ගසා 'කාපු බීපු වේලාවට - පුංචි විහිළුවක් කෙරුවට' ගීතය ගායනා කිරීමෙන් මෙම පටලැවිල්ල නිරාකරණය කරගැනීමට පොලිස්පතිවරයාට හැකිවනු ඇත්තේ ඔහු හොඳ ගායකයෙකුද වන නිසාය. පොලිස්පතිගේ බයිලාවට නොරැවටී පොලිස් කොමිසම වෙත මංගල පැමිණිල්ලක් කළද එම පැමිණිල්ල බහාලනු ඇත්තේ සමරකෝන් බණ්ඩාගේ පැමිණිල්ල මේ වනවිට දමා ඇති ලිපි ගොනුවේමය.
COMMENTS