පළාත් පාලන මැතිවරණයට අදාළව සියලුම ප්‍රචාරක කටයුතු පෙබරවාරි 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඒ එහි ...
පළාත් පාලන මැතිවරණයට අදාළව සියලුම ප්‍රචාරක කටයුතු පෙබරවාරි 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ඒ එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය සඳහන් ගැසට් නිවේදනය අද නිකුත් කරන බවත් ලබන පෙබරවාරි 10 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට සඳහන් ගැසට් නිවේදනයද නිකුත් කරන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කියා සිටියහ.
COMMENTS