දැනට උපවාසයේ නියුතු දේශපාලන සිරකරුවන් තිදෙනා පමණක් නොව සෙසු සියලුම දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නිදහස් කිරීමට කට...
දැනට උපවාසයේ නියුතු දේශපාලන සිරකරුවන් තිදෙනා පමණක් නොව සෙසු සියලුම දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි හෙතෙම ආණ්ඩුවට අවධාරණය කළේ. මෙම ප්‍රශ්නය නොවිසදා ජාතික ප්‍රශ්නය විසදන්න සිතන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට සිවාජිලිංගම මන්ත්‍රීවරයා සහ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නියුතු රැඳවියන් තිදෙනාගේ ඥාතින් අද කොළඹ පැමිණි අවස්ථාවේ මෙම මාධ්‍ය සාකච්ජාව පැවැත්විය. ඊට නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාද එක විය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS