තිරසාර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අල්ලස් කොමසාරිස්තුමාට අභියෝගයක් කරනු ලැබීය. ඒ අද ප...
තිරසාර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අල්ලස් කොමසාරිස්තුමාට අභියෝගයක් කරනු ලැබීය.
ඒ අද පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ඒ කිව්වට වඩා විශාල මුදලක් හම්බ වෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන්. නමුත් ඉදිරියට නම් ඒවා වෙන්නේ නැහැ. අතීතයේ කොහෙද හොරකම් නොවුනේ. අලි මිනිස් ගැටුම නෙවෙයි ඇතින්නක් මරලා පැටව් ගෙනහිල්ලා කළේ දුෂණයක්නේ. හිටපු,හිටිය පාලකයාගේ ගෙදර, පාලකයාගේ මල්ලිගේ ගෙදර, පාලකයාගේ පුතාගේ ගෙදර, පාලකයාගේ බෑනාගේ ගෙදර ඒ ඇතින්න මරලා ගෙනාපු අලි පැටව් හිටියේ. ඒ වගේ දුෂණයක් තිබුණ තමයි අමාත්‍යංශය හරහා. අමාත්‍යංශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ අයගෙන් ඒ ගොල්ලන්ට ආශීර්වාදයක් ලැබුණා. බයට හෝ අකමැත්තට හෝ කැමැත්තට හෝ ලාභ ප්‍රයෝජන සඳහා සිද්ධ වුණා. ආපහු සිද්ධ වෙන්නේ නැහැ. අල්ලස් කොමසාරිතුමාට මම අභියෝග කරනවා නැවතත් ඒවා වෙන්න දෙන්නේ නැහැ කියලා මේ අමාත්‍යංශය.”
“ප්‍රතිපාදන දීම අධීක්ෂණ මන්ත්‍රී කතාවට බැහැරව මේ දවස්වල ගරු අගමැතිතුමා, ගරු මුදල් ඇමතිතුමා එක්ක අපි තදින්ම සාකච්ජා කරනවා. ගියපාර ඒ ජන්ද ප්‍රතිඵලේ ඉඳලම දිගටම ඒ සාකච්ජාව ගියා. ප්‍රතිපාදන දීමේ හැකියාවක් තියෙනවා කියලා පහුගිය අපේ ගෘප් මීටින් වලදී එය ප්‍රකාශ වුණා. මම හිතන්නේ දැනටම සැලසුම් කරලා තියෙනවා රජයේ මන්ත්‍රීවරුන්ට, ප්‍රදේශයට වේගවත් සංවර්ධනයක් ගේන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න මේ අවුරුද්දෙත්, ලබන අවුරුද්දෙත්.”
COMMENTS