ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ...
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.
කොළඹදී අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රදීප් ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.
එහිදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ තමන්ට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ආරාධනාවක් ද ලැබී ඇති බවයි. තමන් ඒ සම්බන්ධයෙන් සිතා බැලීමෙන් අනතුරුව තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS