පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද(22) නියෝග කළේය. ...
පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද(22) නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ, මහනුවර, මාතර, ඇඹිලිපිටිය සහ හාලිඇල යන පළාත් පාලන බලප්‍රදේශවල පුද්ගලයින් 6 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි.
මැතිවරණ කොමිසම කඩිනමින් රැස්වෙයි
කෙසේ වෙතත් අභියචනාධිකරණය ලබාදුන් මෙම නියෝගය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කඩිනමින් රැස්වී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වේ.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාල නාම යෝජනා දිනය ඇතුලත් ගැසට් නිවේදනය මේ මස 27 වනදා නිකුත් කරන බව මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළේය.
COMMENTS