වි ශේෂ සාකච්ඡාවක් යැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) පෙරවරුවේ අරලියගහ...
විශේෂ සාකච්ඡාවක් යැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලා සකස් කරන පෙත්සමකට කැබිනට් නොවන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ගනිමින් සිටීම ගැන පසු පෙළ මන්ත්‍රීවරුන් රැසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
අගමැතිවරයා මාලදිවයිනේ සංචාරය කරන අතරතුරදී වූ මේ සිද්ධිය ගැන මන්ත්‍රීවරු දුරකථනයෙන් අමතා අගමැතිවරයා දැනුවත් කර තිබේ.
තමන් බියවද්දා අත්සන් ගන්නා බව ඔවුන් අගමැතිට පවසා ඇත.
සජිත් ප්‍රේමදාස කුමන ආකාරයෙන් හෝ ජනාධිපති අපේක්ෂකත්වය ගෙන අනිවාර්යයෙන්ම ජනාධිපති ධුරයට පත්වන බවත්, එවිට පක්ෂයේ ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට පක්ෂයේ නායකත්වය ඔහුට ඉබේම හිමිවන බවත් කැබිනට් නොවන ඇමැතිවරු පිරිසක් මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.
සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දෙන ලෙස ඉල්ලන මෙම පෙත්සමට අත්සන් නොකරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට නාම යෝජනා ගැනීමට බලාපොරොත්තුව සිතින් අතහැර ගන්නා ලෙස කැබිනට් නොවන අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මකව පවසා ඇතැයි වාර්තා වේ.
තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙසේ තර්ජනය සහ බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි තීරණයක් තමා නොපමාව ගන්නා බව අගමැතිවරයා එම මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇතැයි පැවැසේ.

COMMENTS