විමල් වීරවංශ මහතාගේ නායකත්වය නොමැතිව ජාතික නිදහස් පෙරමුණට ඉදිරියට යා හැකි බව එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි. විමල්...
විමල් වීරවංශ මහතාගේ නායකත්වය නොමැතිව ජාතික නිදහස් පෙරමුණට ඉදිරියට යා හැකි බව එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි.
විමල් වීරවංශ මහතා සිරගත වී සිටින විට පක්ෂයේ මහ සමුළුව පැවැත් වූයේ පක්ෂයේ ලේකම් සහ අනෙකුත් සාමාජිකයන්ගේ ශක්තියෙන් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ජාතික නිදහස් පෙරමුණේ මහලේකම්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පියසිරි විජේනායක මහතා මේ බව පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයා ඉල්ලා අස් වන බව තමන් දැන ගත්තේ මාධ්‍ය මගින් බවත් පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කළ ප්‍රියන්ජිත් විතාරන මහතාගේ ඉල්ලා අස් වීම තුළ අප නොදන්නා රහසක් ඇති බව විජේනායක මහතා සඳහන් කළේය.
ලේකම්වරයාට පක්ෂයේ සිටිය නොහැකි තත්ත්වයක් පත්ව ඇති බවත් පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කළ නායකයෙකු එකවර ඉල්ලා අස්වන බව පැවසීම බොරුවක් බවත් “අද ලේකම්වරයා අස්වෙයි හෙට තවත් පිරිසක් අස්වෙයි“ එනිසා විමල් වීරවංශ මහතාට අමුඩයක් ගහගෙන පුංචි පිරිසක් එක්ක පක්ෂයේ රැඳී සිටීමට සිදු වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
ජාතික නිදහස් පෙරමුණ බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වන කාලය වැඩි ඈතක නොවන බවත් පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන පුද්ගලයින් පක්ෂයෙන් ඉවත් වීම බරපතල ගැටලුවක් බවත් ඔහු පෙන්වා දෙයි.
COMMENTS