පළාත් පාලන මැතිවරණය පැවැත්වීම එරෙහිව ගොනු තර තිබු පෙත්සම ඉවත් කර ගැනීමට අදාළ පාර්ශවයන් එකඟතාවයකට පැමිණි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම එරෙහිව ගොනු තර තිබු පෙත්සම ඉවත් කර ගැනීමට අදාළ පාර්ශවයන් එකඟතාවයකට පැමිණි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අද (30) පාර්ලිමේන්තුව රැස්වුණ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත් කර ගැනීමට එකඟත්වයකට පැමිණිය ද අද දිනයේ දී නීතිපතිවරයා විසින් මෝසම ඉදිරිපත් කර නඩුව විභාග කිරීමට සිටි නමුත් එවැන්නක් සිදුනොවුණේ මන්ද යන්න අනුර කුමාර මහතා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් විමසා සිටියේය.
එහිදී අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා හා පක්ෂ නායකවරුන්ගේ මැදිහත් වීමෙන් පෙත්සම්කරු හා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් වු බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ද සාකච්ඡා කළ අතර ඒ අනුව පෙත්සම්කරු හා තමා වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු උසාවියට යවා නඩුව සමතයකට පත් කර ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව අදාළ පාර්ශවය නඩුව ඉල්ලා අස්කර ගන්නා බව උසාවියට දැනුම් දීමට කටයුතු කළ අතර තමා එම පෙත්සමේ ඇති කරුණු සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටු කිරීමට පෞද්ගලික වශයෙන් එකඟ වු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
COMMENTS