කෙ රවලපිටිය එල්. එන්. ජී. විදුලි බලාගාරයේ දෙවන අදියරේ වැඩ 2016 වන විට නිම කිරීමට නොහැකි වී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ විදුලිබල ඇමැතිවරයකු 3%ක කොම...
කෙරවලපිටිය එල්. එන්. ජී. විදුලි බලාගාරයේ දෙවන අදියරේ වැඩ 2016 වන විට නිම කිරීමට නොහැකි වී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ විදුලිබල ඇමැතිවරයකු 3%ක කොමිස් මුදලක් ඉල්ලා තිබීම නිසා බවට හෙළිවී ඇත. මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ එම සමාගමේ නිලධාරීන් ගෙන්වා කළ සාකච්ඡුාවක් අතරතුර දී කටයුතු ප‍්‍රමාද වීම පිළිබඳව වත්මන් විදුලිබල ඇමැති මහින්ද අමරවීර මහතා විසින් විමසන ලද අවස්ථාවේ එම සමාගම විසින් මේ බව සඳහන් කර ඇත.
අදාළ කොමිස් මුදල ලබා නොදීම නිසා එම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට එවකට විදුලි ඇමැතිවරයා කටයුතු කිරීම නිසා අධිකරණයේ නඩු පැවරීමටද තම සමාගම කටයුතු කළ බව මෙහිදී එම සමාගම විසින් සඳහන් කළ බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේද අනුමැතිය මත ආණ්ඩුව කෙලවරපිටිය විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කිරීමට මේ වන විට එම සමාගමට දැනුම් දී ඇති අතර ඒ අනුව සමාගමද අධිකරණයේ පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට එකඟ වී ඇති බව ද එම නිලධාරියා පැවැසීය.
මෙම සාකච්ඡුාව සඳහා අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගි වී ඇත.
– divaina

COMMENTS