ද කුණු කොරියාවේ පැතිර යමින් තිබෙන කොවිඩ් 90 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් එහි වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් සියෝල් හි පිහිටි ශ්‍රී ලංකාවේ තානා...
දකුණු කොරියාවේ පැතිර යමින් තිබෙන කොවිඩ් 90 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් එහි වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් සියෝල් හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සමග එක්ව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව සියෝල් හි පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තොරතුරු උපුටා දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ දකුණු කොරියාවේ සිටින කිසිදු ලාංකිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාධිතවී නොමැති බවයි.
එසේම මේ වන විට 20,000 කට අධික ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ සිටින අතර කොරෝනා වෛරසය පැතිරීයාම නිසා වර්ථමානයේ ගැටළු සහගත තත්ත්වයක් මතුවී සිටින ඩේගු නගරයේ ලාංකිකයින් 915 දෙනෙක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවයි සඳහන් වන්නේ.
මතුවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එහි සිටින ලාංකිකයින් සමග සම්බන්ධතාවයන් පවත්වා ගෙන යාමට සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් ද පිහිටුවා තිබෙනවා.
එසේම කොරියාවේ පිහිටි ලංකාවේ ආගමික ස්ථාන, සේවක ප්‍රජාව සහ ඉගෙනුම ලබන සිසුන් සමග සමීප සම්බන්ධකමක් පවත්වාගෙන යන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවන් හි අංක පහතින් දැක්වේ :
(0082)-2-735-2966, (0082)-2-735-2967, (0082)-2-794-2968

COMMENTS