කොළඹ කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප‍්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරි...
කොළඹ කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප‍්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ඉදිකෙරෙන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසළ සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ (23) සිදු විය.
කොළඹ නගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17 ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිබෙන අතර ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඒ සඳහා ශ‍්‍රම දායකත්වය සපයා තිබේ.
පීත්ත පටිය කපා පදික මංතීරුව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
COMMENTS