විශේෂයෙන්ම පොල්, සීනි, ලොකු ළුෑනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ ගොස් ඇත්තේ මේ කුමන්ත්‍රණයට අනුව බව හෙළි වී ඇත. අත්‍යවශ්...
විශේෂයෙන්ම පොල්, සීනි, ලොකු ළුෑනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ ගොස් ඇත්තේ මේ කුමන්ත්‍රණයට අනුව බව හෙළි වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් අභ්‍යන්තර වෙළෙඳ ඇමැති රිෂාඞ් බදූර්දීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත්තේ ද මේ කරුණු හෙළි වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ කටයුතු කරන වෘත්තීය සමිති නායකයන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක දී, අදාළ වෘත්තීය සමිති මේ මිල පාලනයට කරන ලද යෝජනා සියල්ල කළ හැකි බවත්, ඒවාට තමන් එකඟ බවත් ඇමැතිවරයා පවසා තිබේ.
එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ඒ යෝජනා සියල්ලට එකඟ නම් ඒවා ක්‍රියාත්මක නොකරමින් තමන්ගේ කාලය අපතේ යවන්නේ ඇයි ද යන්න ය. රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ සමඟ සමීප ගනුදෙනුවක් පවත්වන බවට ආණ්ඩුවේ නායකයන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධතා හරහා මෙසේ අතරමැදියන්ට විශාල ලාබ ලැබෙන පරිදි කෘත්‍රිම මිල ඉහළ යාමක් ඇති කර තිබෙන බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.
දිගින් දිගටම බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සමීප සම්බන්ධතා පවත්වමින් මෙසේ ආණ්ඩුව අස්ථාවරභාවයට පත් කිරීමට උත්සාහ කරන තවත් ඇමැතිවරුන් කිහිපදෙනකුගේ නම් ලැයිස්තුවක් ද ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ‘සත්හඬ’ මීට පෙර වාර්තා කළේය.
පාරිභෝගික සේවාවලට අදාළ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අතරමැදියන්ට වැඩි ලාබ ලැබීමට ඉඩ දෙමින් හැරිසන් ඇමැතිවරයා අදාළ ව්‍යාපාරවලට අනියමින් මැදිහත් වන බවයි. මේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළද, ඇමැතිවරයා රැස්වීම්වල සිටින බව පැවසීම නිසා සම්බන්ධ කර ගත නොහැකි විය.
පරාක්‍රම දිසානායක - සත්හඬ
COMMENTS