දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගොවියන්ට හොඳ දසාවක් - වී මිල ඉහළ යයි.
Homeප්‍රවෘත්ති

ගොවියන්ට හොඳ දසාවක් - වී මිල ඉහළ යයි.

PropellerAds

වසර ගණනාවකට පසුව යල කන්නයේ වී සඳහා රුපියල් 55ත් 58ත් පමණ හොඳ මිලක් ලැබීමෙන් වී ගොවියාගේ අත මිට සරුවී වී යහපත් කලක් උදා වී ඇත.  මෑත ඉතිහාසය...

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ - කඩඉම් ලකුණුත් නිවේදනය කරයි
ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමු ගැනීම සනිටුහන් කරයි.. ජනාධිපතිවරණයට ඇප තැන්පත් නොකරයි..
ශ‍්‍රීලනිප මත ගැටුම් උග‍්‍ර වේ.. පොහොට්ටුවට සහාය දක්වන ප‍්‍රකාශය කරන්න කැදවූ මාධ්‍ය හමුව අවලංගු කෙරේ..
වසර ගණනාවකට පසුව යල කන්නයේ වී සඳහා රුපියල් 55ත් 58ත් පමණ හොඳ මිලක් ලැබීමෙන් වී ගොවියාගේ අත මිට සරුවී වී යහපත් කලක් උදා වී ඇත.  මෑත ඉතිහාසයේ වී සඳහා නියම වූ වැඩිම මිල ගණන් මෙම දිනවල ඇති වී ඇති බව ගොවි සංවිධාන පවසයි.

මෙම හේතුවෙන් ගොවීන් මහත් සතුටට පත්ව ඇති බවත් වී මිලදී ගැනිමට සහල් මෝල් හිමියන් කමත් වලට යන බවද ගොවි සංවිධාන දිනමිණට අදහස් දක්වමන් ප්‍රකාශ කෙළ්ය.

මේ අනුව කීරි සම්බා වේළපු වී කිලෝවක් රුපියල් 58.59ක්ද වෙළපු සම්බා කිලෝවක් 57.03ටද අලෙවි කරන බව මින්නේරිය හතමුණ ‍බෙදුම්ඇල ගොවි සංවිධානයේ ලෙක්ම් එම් එච් ඩබ්ලිව් සාරානාත් මහතා දිනමිණට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

නාඩු වේළපු වී කිලෝවක් රුපියල් 57.60ක්ද අමු වී කිලෝවක් රුපියල් 51.50ක් ද වන බව කී සාරානාත් මහතා සහල් මෝල් හිමියන් වී මිලදී ගැනිමට කමත් වලටම පැමිණිමද විශේෂත්වයක් බව පවසයි.

මෙවර ජල හිගය හේතුවෙන් තම ඉඩමෙන් අඩක් වගා කිරිමට අවසර ලබා දුන්නද (බෙත්ම කන්නයක් )මෙවර වී අස්වැන්න සරු සාර ලෙස ලැබි ඇති බවද ගොවීහු පවසති.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය 2014-2015 මහ කන්නයේ සහ 2015 යල කන්නයේ වී සඳහා වි ගොවියාට කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 50 ක්ද, සම්බා කිලෝවක් සඳහා රුපියල් 41ක්ද නාඩු කිලෝවක් සඳහා රුපියල් 38ක් වශයෙන් මිලදී ගත් බවත් මෑත කාලයේ රජයෙන් මිලදී ගත් වැඩි මිල ගණන් යටතේ වී මිලදී ගත් බවත් වි අලෙවි මණ්ඩලයේ සභාපති එම් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මින් පෙර වසරවල වී කිලෝවක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 22ත් 28ක් වැනි මිලක් බව ද කී සභාපතිවරයා මේ දිනවල වී වලට ඉතා හොඳ මිලක් පැවතීම හේතුවෙන් වී ගොවියන් අසලට යන වී මෝල් හිමියන්ට ඔවුන්ගේ වී තොග ලබා දෙන බවද කීවේය.

වී අලෙවි මණ්ඩලයේ පැවැති වී සංචිත සමුපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ජනතාවට අඩු මිලට සහල් දීම උදෙසා රජයේ ක්‍රියාමාර්ගය හේතුවෙන් ලබා දෙන බව බවසන ඒ මහතා මේ වන විට පවතින වී ම්‍රෙටික් ටොන් 27000ක් පමණ වන වී සංචිතයෙන් ‍මෙට්‍රික් ටොන් 24000ක් සතොසට වී කිලෝවක් රුපියල් 55කටත් නාඩු කිලෝවක් රුපියල් 44ක් වැනි වැනි මුදලකටත් ලබා දෙන බවද ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට ඉතිරිව ඇති කිරි සම්බා මෙට්‍රික් ටොන් 4000ක් පමණ වන වී සංචිතය පිටස්තර අයට විකීණීමට නියමිත බවත් දැනට කිලෝවක් සඳහා රුපියල් 64ක් වැනි මිලකට ටෙන්ඩර් මිල ගණන් කැඳවා ඇතත් කිරි සම්බා වල වී මිල වැඩිවීම හේතුවෙන් නැවත ටෙන්ඩර් කැඳවා එම වී තොගයද අලෙවි කිරිමට නියමිත බවද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගොවියන්ට හොඳ දසාවක් - වී මිල ඉහළ යයි.
ගොවියන්ට හොඳ දසාවක් - වී මිල ඉහළ යයි.
http://ift.tt/2yR1YcH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy