අපරාධ නිවාරණය සඳහා දිවයිනේ පිහිටි සියළුම පොලිස් බල ප්‍රදේශයන් ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙ...
අපරාධ නිවාරණය සඳහා දිවයිනේ පිහිටි සියළුම පොලිස් බල ප්‍රදේශයන් ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් අනුව පසුගියදා (24) රාත්‍රී 10.00 සිට පෙරේදා (25) දා අළුයම 2.00 දක්වා සිදු කරන ලදී.
මෙහි ප්‍රතිඵල වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි මද්‍යසාර වැටලීම් 982 ක් ද රථවාහන නඩු 5807ක් ද බීමත්ව රිය පැදවීම් අත්අඩංගුවට ගැනීම් 999ක් ද වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 788ක් ද සැකපිට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් 905ක් ද විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් 95ක් ද නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම් 09ක් ද වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ සඳහා පොලිස් නිලධාරීන් 18, 127 ක් සහ පොලිස් නිලසුනඛයින් 26 දෙනකු සහභාගී වී ඇත.
COMMENTS