පාර්ලිමේන්තුව ඇත්තේ අදහස් ප්‍රකාශ කරමින් , වාද කරමින් තීන්දු තීරණ වලට පැමිණීමට මිස ලිප්ටන් වටරවුමේ මෙන් උද්ඝෝෂණ පැවැත්වීමට නොවන බව රාජිත ...
පාර්ලිමේන්තුව ඇත්තේ අදහස් ප්‍රකාශ කරමින් , වාද කරමින් තීන්දු තීරණ වලට පැමිණීමට මිස ලිප්ටන් වටරවුමේ මෙන් උද්ඝෝෂණ පැවැත්වීමට නොවන බව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ජන්දයක් නොමැති අයට අවශ්‍ය පරිදි ආණ්ඩු කිරීමට යහපාලන ආණ්ඩුව සුදානම් නැති අතර ජන්දය දුන් බහුතර ජනතාවගේ කැමැත්ත මත රජය පවත්වාගෙන යන බවයි හෙතෙම අවධාරණය කළේ.
මේ වන විට හම්බන්තොට වරාය බදු දීමට එරෙහිව ඇතැමුන් කතා කළද එහි ණය පොළී වාරිකය වෙනුවෙන් පමණක් වසරකට රුපියල් මිලියන 9200ක් ගෙවීමට සිදුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් ඉන් ආදායමක් නොමැති බවත් එවැනි තත්ත්වයක් යටතේ නිකරුණේ එතරම් මුදලක් වැය කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. ජනතාවට සහන ලබා දීමට හැකි මුදල් ණය පොළී ගෙවීමට යෙදවීම කෙතරම් සාධාරණදැයි හෙතෙම විමසුවේය. කෙසේ වෙතත් හම්බන්තොට වරාය බදු දීමට ගත් තීරණය රජයේ ප්‍රතිපත්තියක් බව සේනාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qo6_RuvD6vg&feature=youtu.be[/youtube]
COMMENTS