තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ආනන්ද සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා වරදකරුවකු බවට පසුගිය දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින...
තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ආනන්ද සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා වරදකරුවකු බවට පසුගිය දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් තීරණය කර තිබුණු අතර ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 06කට තහනම් කිරීමට ද තීන්දු කර තිබිණි. වසීම් තාජුඩීන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වූ ආනන්ද සමරසේකර ඇතුළු කණ්ඩායම නිසි ක්‍රමවේදයකින් සහ වගකීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මෙසේ අස්ථි කොටස් අස්ථානගත වී ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පැවැත් වූ පරීක්ෂණයේ දී හෙළිදරව් වී තිබිණි.
එසේම මේ වන විට වෛද්‍ය ආනන්ද සමරසේකර නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක් එක් පුද්ගලයින් හරහා පණිවිඩ පිට පණිවිඩ යවමින් තමන් රජයේ සාක්ෂිකරුවකු වී සියල්ල හෙළිදරව් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමින් සිටින බව වාර්තාවේ. නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව මේ සම්බන්ධයෙන් දෙබලක සිර වී සිටින ආකාරයක් පෙන්නුම් කරන බව ද වැඩි දුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආනන්ද සමරසේකරව දැනට අත් අඩංගුවට නොගැනීමට හේතුවී ඇත්තේ ඔහු විසින් ශ්‍රේෂ්ටාධිකරණයෙහි ගොනු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමකි . තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන මෙන් ඉල්ලා වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් ගොනුකර ඇති පෙත්සම අගෝස්තු මාසයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.
COMMENTS