එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද විරෝධතාවක් පැවතුණා. ඒ, කුණ්ඩසාලේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු මහාධිකරණ වින...
එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද විරෝධතාවක් පැවතුණා.
ඒ, කුණ්ඩසාලේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු මහාධිකරණ විනිසුරු පී.බී. වරාවැව තෙල්දෙනිය ආසන සංවිධායකවරයා ලෙස පත් කර, එහි සංවිධායක ආර්.ජී. සමරනායක කුණ්ඩසාල ආසනයට පත් කිරීමට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී විරෝධතාවයට එක්ව සිටි කිහිප දෙනෙකුට පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් හමුවීමට අවස්ථාව ලබාදුන් අතර, එහිදී පක්ෂ මහලේකම්වරයා දැනුම් දී ඇත්තේ සතියක් ඇතුළත ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.
COMMENTS