පළාත් පාලන මැතිවරණය දින කිහිපයක් තිබියදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩ...
පළාත් පාලන මැතිවරණය දින කිහිපයක් තිබියදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගෙන මැතිවරණයෙන් පසු ඔහු නිදහස් කිරීමේ උත්සහයක් පවතින බවට චෝදනා කරයි.
අද (31) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සාමාජිකයින් ප්‍රකාශ කළේ ඡන්දදායකයින් මුලා කිරීමේ අරමුණින් මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.
“මැතිවරණයේ අවසාන සතියේදී එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකාධිකාරිනුත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙන බව දැනගන්න ලැබිලා තියෙනවා. ඒකෙ ප්‍රධාන අංගයක් තමයි බිලි බෝයි විදියට රවී කරුණානායක මහතාව පමණක් ඡන්දය ඉවර වෙන තෙක් ස්වකැමැත්තෙන් අත්අඩංගුවට ගැනීම. අද මුළු රටම දාන්න රහසක් බවට පත් වෙලා තියෙනවා. පාරම්පරික නිර්ව්‍යාජ එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලුදෙනා මෙවර පළාත් පාලන ඡන්දයේදී අලියට ඡන්දේ ගහන්න අලි දාලවත් ඇදලා ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයට වාර්තා වෙලා තියෙන්නේ. දැන් විශාල ප්‍රචාරණයක් දීලා අන්තර්ජාතික වශයෙන් ලබන සතියේදී රචි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරයෙන් ඉවත් කරලා ලබන සුමානේ වෙනකොට කැමැත්තෙන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ මේ රටට කරන්න පුළුවන් දැවැන්තම හානිය ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිරූපයට කරන්න පුළුවන් හානිය එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාධිකාරීන් සියලුදෙනා එක්ක එකතු වෙලා රටට කරලා හමාරයි. වෙනස මාරයි - රට හමාරයි.”
COMMENTS