ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය නීත්‍යානුකූල නොවන බවට පසුගිය මැයි 03 වන දා අභියාචනාධිකරණය තීන...
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය නීත්‍යානුකූල නොවන බවට පසුගිය මැයි 03 වන දා අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව එම තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද මෙසේ ප්‍රකාශයට පත් කරන ලදී.
ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණේ ගාල්ල දිස්ත්‍රික් ඡන්ද දායකයින් සිව් දෙනෙකු විසිනි. එහි තීන්දුව ප්‍රකාශ වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන්ට ද ද්විත්ව පුරවැසිභාවය ඇත්දැයි යන්න පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවක් මඟින් විමසීමක් කෙරිණි. එහිදී හෙළිදරව් වූයේ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද්විත්ව පුරවැසිභාවය හිමි නොමැති බවය.
- රංජිත් නිශාන්ත
COMMENTS