පෙරහැර සිරිත් පරිදි පස්වරු 06 පසුවී මිනිත්තු 54ට දකුණු දිශාභිමුඛව පිටත්ව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල සමග වීදි සංචාර...
පෙරහැර සිරිත් පරිදි පස්වරු 06 පසුවී මිනිත්තු 54ට දකුණු දිශාභිමුඛව පිටත්ව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල සමග වීදි සංචාරය කරයි.
පළමු කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල වීදිය දිගේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය රජ වීදිය ඔස්සේ ගමන් කොට ඉහළට ගෙවැදීමට නියමිතය.
මෙවර ඇසළ පෙරහැර ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් හාරදහසකට අධික
පිරිසක් සේවයේ යොදවා ඇතැයි මහනුවර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන්ඩ් මහේන්ද්‍ර මහතා පැවසීය.
පෙරහැර නැරඹීම සදහා සහභාගීවන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර ඔවුන් සදහා සනීපාරක්ෂක, පානීය ජලය, ප්‍රවාහන ආදී පහසුකම් යොදවා ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී දළදා මාලිගාව පොලීතීන්වලින් තොර හරිත කලාපයක් බවට පත් කොට ඇති බැවින් පොලීතීන්, ප්ලාස්ටික් ඇතුලු දිරාපත් නොවන ද්‍රව්‍ය මෙම කලාපයට රැගෙන ඒම අවම කරන ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කළේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS