ආඅර්.. ඔව්. ඇත්තෙනම. දෙවනි දවසේ ෆලෝ ඔන් එකේ 14-5 ක් වගේ අමාරු තැනක ඉන්න එක ලේසි නෑ. විශේෂයෙන්ම කර්නාටක B කණ්ඩායම 789-5ක් රැස් කරපු වෙලාවක...
ආඅර්.. ඔව්. ඇත්තෙනම. දෙවනි දවසේ ෆලෝ ඔන් එකේ 14-5 ක් වගේ අමාරු තැනක ඉන්න එක ලේසි නෑ. විශේෂයෙන්ම කර්නාටක B කණ්ඩායම 789-5ක් රැස් කරපු වෙලාවක.
දිවා ආහාරයට පෙර ඔබේ කණ්ඩායම උඩ පන්දු 4ක් අත් හරිනවා. පන්දු රැකීම එන්න එන්නම දුර්වල වෙනවා නේද?
මම හිතන්නේ එහෙම කියන්න කලින් අපි හිතන්න ඕන. මොකද අපි පහුගිය සංචාරයේ සැම්බියාවට එරෙහිව තිබ්බ තරඟ වලදී සෑහෙන්න දස්කම් පෙන්නුවා. විශේෂයෙන්ම කෙලින්ම පන්දුව කඩුල්ලට ගහපු අවස්ථාව.
ඒ වගේම.කියන්න ඕන අද අතෑරපු අවස්ථා දෙකක් ඉතා අසීරූ උඩ පන්දු. මොකද අද තිබ්බ සුළඟ එක්ක ඒක පහසු නෑ. අපි අමතක කරන්න හොඳ නැ. ඒ ක්‍රීඩකයම ඊළඟ ඕවරයෙ පන්දුවට ඩයිව් කරලා ලොකු අබාධයකට ලක් වුණා කියල. අපි දැන් ඔහුව වැඩිදුර පරීක්ෂණ වලට කොළඹ යවල තියෙනවා.
ඔබේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ගැන තවමත් කඩුළු ලබාගන්නවා. නමුත් ඔහුට අනික් පන්දු යවන්නන්ගෙන් ලැබෙන සහය ගැන ඔබ සතුටුද?
ඔක්කොමටම කලින් අපි රංගන එක්ක අනික් පන්දු යවන්නෝ සංසන්දනය කරන එක වැරදියි. ඔහු චැම්පියන් කෙනෙක්. අද උදෑසන ඔහු සීමා ඉරට පාවිච්චි කරපු වෝල්කර් එකේ ඉස්සරහා රෝද වල පොඩි ගැටළුවක් තිබුණා. නමුත් ඔහු හොඳින් පන්දු යැව්වා. අපි අමතක කරන්න හොඳ නෑ. ගිය සතියේ රුසියාවට එරෙහි තරඟයේ ඔහු ඕවර 150ක් දැම්මා. ඒකෙන් එයා රිකවරි වෙන්නත් ඕන.
ආබාධයකට ලක් වූ ක්‍රීඩකයා ඔබේ කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙක්. ඔහු වෙනුවට ආදේශකයන් තියෙනවද?
සත්තකින්ම. අපි අවධානය යොමු කරලා තියෙනවා වයඹ ක්‍රීඩකයෙක් ගැන. මේක තමයි අපේ ශක්තිය. අපිට දැන් අවස්ථාව තියෙනවා අපේ දේශිය පළමු පෙල සිස්ටම් එකත් එක්ක ලොකු ක්‍රීඩකයන් ප්‍රමාණයක් කණ්ඩායමට ගේන්න. කණ්ඩායම් 62 ක් තරඟ කරන විශාල මට්ටමෙ තරඟාවලියක වාසිය ඒක. බලන්න.. මීට කලකට පෙර කිරිමැටියාන යෞවන සමාජය ගැන මුකුත්ම අපි දන්නේ නෑ. ඒත් අද ඔවුන් ලංකාවෙ 923න් වෙනි ටෙස්ට් ක්‍රීඩකයා බිහිකරනවා. මේ නිසාම තමයි මේ මාස කිහිපය තුල අපිට ක්‍රීඩකයන් 60ක් යොදාගන්න හැකියාව ලැබුණේ.
කණ්ඩායම ස්ථාවර වෙන්න ගන්න කාලය වැඩි නැද්ද..?
ඇත්තෙනම නෑ. අපිට හොඳ ස්කූල් ක්‍රිකට් එකක් තියෙනවා. අවුරුදු 15ක අත්දැකීම් තියෙන තේරීම් කමිටුවක් ඉන්නවා. මේ වසර කිහිපය ඇතුලේ පුහුණුකරුවන් 14 දෙනෙකුගේ අත්දැකීම් අපිට තියෙනවා. අපි දැනටමත් 13න් පහල ක්‍රීඩකයෙක් ගැන හොඳ අවධානයකින් ඉන්නේ.
නමුත් කියන්න ඕන සංගා, මහේල, දිල්ශාන් වගේ ජ්‍යෙෂ්ඨයන් හැර ගියාට පස්සේ කණ්ඩායම යථා තත්ත්වයට එන්න කාලයක් යනවා. අපිට ඒ කාලය ඕන. එලැඹෙන පැපුවා නිව්ගිනියා තරඟය අපි හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.
ක්‍රික්ඉන්ෆෝ හි ඇන්ඩෲ ෆිදෙල් ෆර්නෑන්ඩෝගේ ලිපියක් ඇසුරෙනි.
පරිවර්තනය කළේ අසංක අරඹෙගොඩ
COMMENTS