සයිටම් ව්රෝධී උද්ගෝෂණවලට දින කිහිපයක සිට පාසල් සිසුන් යොදා ගන්නා බවට දෙමාපියෝ චෝදනා කරති. ගම්පහ, හලාවත සහ අනුරාධපුර ආදි පෙදෙස් කිහිපයක එ...
සයිටම් ව්රෝධී උද්ගෝෂණවලට දින කිහිපයක සිට පාසල් සිසුන් යොදා ගන්නා බවට දෙමාපියෝ චෝදනා කරති.
ගම්පහ, හලාවත සහ අනුරාධපුර ආදි පෙදෙස් කිහිපයක එලෙස සිසුන් යොදාගෙන තිබේ.
කලින් සූදානම් කර තිබූ විරෝධතා පුවරු සිසුන් අතට දෙමින් මෙම විරෝධතා පවත්වන බව දෙමාපියෝ පවසති.
සයිටම් විරෝධී සටනට සහාය දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා පැවසුවේ දේශපාලන වැඩවලට සිසුන් යොදා ගැනීම වැරදි බවයි.
ඒ මහතා මෙසේද කීවේය.
"දේශපාලන හෝ වේවා උද්ඝෝෂණවලට පාසල් සිසුන් යොදාගැනීමට අපි එකඟ නෑ.සයිටම් විරෝධී වැඩපිළිවෙලට අවශ්‍ය කාර්යභාරය ඔවුන් වෙනුවෙන් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ සංගම් වශයෙන් අපි කරනවා.ඒ නිසා මේවට පාසල් සිසුන් යොදාගැනීමට අවශ්‍ය නෑ.මේවට පාසල් සිසුන් එන එක ගැන අපේ එකඟත්වයක් නෑ.අපි සටන් කරන්නේ ඒ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්.අපි දැක්කා සාරි පොට අල්ලන් ඉන්න වගේම ජේවීපී එකේ මැයි දිනයටත් ළමයි යොදාගෙන තිබුණා.අපි ඒවා අනුමත කරන්නේ නෑ.විශ්ව විද්‍යාල ළමයින්ට වගේ දේශපාලන නිදහසක් පාසල් සිසුන්ට නෑ."
COMMENTS