දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නන්දලාල් මහ බැංකු අධිපති වී දින 342ට රුපියල් බිලියන 867ක් අච්චු ගහලා... පසුගිය 15දා පමණක් බිලියන 113ක්!
Homeප්‍රවෘත්ති

නන්දලාල් මහ බැංකු අධිපති වී දින 342ට රුපියල් බිලියන 867ක් අච්චු ගහලා... පසුගිය 15දා පමණක් බිලියන 113ක්!

PropellerAds

‘මහ බැංකුව මාර්තු 15 දින වන විට මිල දී ගෙන තිබෙන මුළු බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවූ මුදල රුපියල් බිලියන 2,640ක්. 2022 අප්‍රේල් 7 ...

"මොනවා නැති වුණත් ප්‍රශ්නයක් නෑ" - සුළුජන අයිතීන් වෙනුවෙන් චන්ද්‍රිකා ව්‍යවස්ථා වෙනස ඉල්ලයි
"මේ ආණ්ඩුවේ ඔක්කොම හොඳට කළා" - මහින්ද කියයි
විසදුමක් නොමැති අලි මිනි ගැටුම නිසා මදුනාගල ගොවියෝ අසරණ වෙති
‘මහ බැංකුව මාර්තු 15 දින වන විට මිල දී ගෙන තිබෙන මුළු බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවූ මුදල රුපියල් බිලියන 2,640ක්. 2022 අප්‍රේල් 7 දා මහ බැංකු අධිපතිතුමා රාජකාරි භාර ගන්නා විට තිබුණේ රුපියල් බිලියන 1,773යි. ඒ කියන්නේ ජනතාවට තේරෙන විදිහට කිව්වොත් එතුමා මහ බැංකු අධිපති ධූරය දැරූ දින 342ට රුපියල් බිලියන 867ක් අච්චු ගහලා තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුම නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයක් පවත්වන බවට මා මිත්‍ර රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා ප්‍රකාශ කර තිබුණා. මේක පට්ටපල් බොරුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරයා ස්වකීය ප්‍රථම ධූර කාලයේ වසර හතරක් සම්පූර්ණ කලාම නැවත වරක් තරග කරන්න ජනාධිපති බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණයක් පැවැත්විය හැකි බව පවසනවා. ඒ අනුව නම් ජනාධිපතිතුමාට නොවැම්බර් 18 මැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ වගන්තියේ තිබෙන (ඉ) අනුවගන්තිය කියනවා ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හිමිකමක් නෑ කියලා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැකියාව තිබුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ වසරේ ජනපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හැකියාවක් නෑ.

එහෙම නම් ආණ්ඩුව ජනපතිවරණයක් පිලිබඳ බොරු ප්‍රචාරයක් කරන්නේ ඇයි? දැන් නැවත වතාවක් දින නියමයක් නැතිව මැතිවරණය කල් ගිහිල්ලා. මීට පස්සේ මැතිවරණ කොමිසම දින නියම කළත් කවුරුවත් ඒ දින ගණන් ගන්නේ නෑ. ඒ නිසා සමාජයේ ලොකු ආතතියක් තිබෙනවා. ජීවන වියදම දරා ගන්න බැරි නිසා සාමාන්‍ය ජනතාව ඉන්නේ ආණ්ඩුව සමග කේන්තියෙන්. බදු බර දරා ගන්න බැරිව මධ්‍යම පන්තිය ඉන්නේ කේන්තියෙන්. මේ කේන්තිය පිට කර ගන්න ජනතාවට මැතිවරණයක් ඕනෑ.

පුංචි ඡන්දය නැති වුණාට කමක් නෑ ලොකුම ඡන්දේ ජනපතිවරණය නොවැම්බරයේ පවත්වනවානේ කියන බොරු බලාපොරොත්තුව දීලා ජනතාව සන්සුන් කිරීමයි ආණ්ඩුවේ බලාපොරොත්තුව. ඒ නිසා අපි වගකීමෙන් කියනවා ව්‍යවස්ථාව අනුව මේ නොවැම්බර් මාසයේ ජනපතිවරණයක් පවත්වන්න බෑ.

මහ බැංකුව එක දවසට කෝටි 11,350ක් සල්ලි අච්චු ගහලා

ආණ්ඩුව මැතිවරණය පවත්වන්න සල්ලි නෑ කියන විට සල්ලි නැතිනම් සල්ලි අච්චු ගහලා හරි මැතිවරණය පවත්වන්න යැයි අපි කිව්වා. බුදු අම්මෝ ඒක නම් කරන්න බැරියෝ. මූල්‍ය අරමුදලත් එක්ක නිලධාරි මට්ටමේ ගිවිසුම අත්සන් කළාට පස්සේ අපිට දැන් සල්ලි අච්චු ගහන්න බෑ කියලායි එතකොට ආණ්ඩුව කිව්වේ. නමුත් මාර්තු 15 දින රුපියල් බිලියන 113.5ක් නැතිනම් කෝටි 11,350ක් මුදල් අච්චු ගහලා තිබෙනවා. මම නොවෙයි කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. මහ බැංකුව විසින් මාර්තු 15 නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ඒ දවස තුල විතරක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක් ගෙවා ආණ්ඩුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා විට අළුතින් මුද්‍රණය කළ නෝට්ටු සංසරණයට එකතු වෙනවා. ඕකට තමයි සල්ලි අච්චු ගහනවා කියන්නේ.

එක දවසට බිලියන 113.5ක් මුදල් අච්චු ගහන ආණ්ඩුව මැතිවරණය සඳහා බිලියන 9ක් නෑ කියන එක විහිළුවක් නොවේ ද?

ඒ විතරක් නොවේ මාධ්‍ය නිවේදනය අනුව මහ බැංකුව මාර්තු 15 දින වන විට මිල දී ගෙන තිබෙන මුළු බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවූ මුදල රුපියල් බිලියන 2,640ක්. 2022 අප්‍රේල් 7 දා මහ බැංකු අධිපතිතුමා රාජකාරි භාර ගන්නා විට තිබුණේ රුපියල් බිලියන 1,773යි. ඒ කියන්නේ ජනතාවට තේරෙන විදිහට කිව්වොත් එතුමා මහ බැංකු අධිපති ධූරය දැරූ දින 342ට රුපියල් බිලියන 867ක් අච්චු ගහලා තිබෙනවා. එහෙම අච්චු ගහන අතරේ තමයි ඡන්ද තියන්න සල්ලි නෑ කියන්නේ.

ප්‍රශ්ණ

මේ මැතිවරණය ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසමට මොනවගේ කාර්යභාරයක් කරන්න පුළුවන් කියලද ඔබතුමා හිතන්නේ ?

පිළිතුර

මැතිවරණ කොමිසමත් දත් නැති සිංහයෙක් කියන එක මෙම ක්‍රියාවලියේදී ඔප්පු වුණා. මැතිවරණ කොමිසමට දත් ලැබෙන්න නම් සෑම මොහොතකම එක් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මුදල් සංචිතයක් විදිහට මහ බැංකුව සතුව තබා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. එක් ඉංග්‍රීසි සෙනෙවියෙක් කියා තිබෙනවා මට රට පාලනය කිරීමට අවශ්‍ය වනුයේ සිහසුන නොව භාණ්ඩාගාරයේ යතුරයි කියලා. බලය තියෙන්නේ සිංහාසනයේ වාඩිවෙලා ඉන්න කෙනාට නොවෙයි භාණ්ඩාගාරයේ යතුර තියෙන කෙනා අතේ. ඉතිං කොමිසන් සභා ස්වාධීන කරන්න කෙතරම් විධිවිධාන යෙදු වත් මූල්‍ය ස්වාධීනත්වය නොලැබෙන තාක් කිසිම කොමිසමක් ස්වාධීන වන්නේ නැහැ. මේ මැතිවරණය භාණ්ඩාගාරය හරහා රටට අහිමි කිරීමෙන් ප්‍රායෝගික පෙන්වා තියෙනවා ස්වාධීනයි කියන කොමිෂන් භාණ්ඩාගාරයට යටත් කියන එක.

ප්‍රශ්නය

ඔබතුමන්ලා සහ විපක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ අතර යම් එකඟතාවක් සාකච්ඡාවක් පැවැත්වෙනවාද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ?

පිළිතුර

පක්ෂ වලට බෙදී හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා වන ‍ක්‍රියාවලියේදී විපක්ෂය එක්ව කටයුතු කිරීම අවශ්‍යයි. අපි දේශපාලන මතවාද වල මොන වෙනස්කම තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම කියන කාරණයේදී ඕනෑම බලවේගයක් සමග සාමූහිකව සහයෝගයෙන් කටයුතු කිරීමට අප සූදානම්.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝනාර සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් යන මහත්වරුන් ද සහභාගී විය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නන්දලාල් මහ බැංකු අධිපති වී දින 342ට රුපියල් බිලියන 867ක් අච්චු ගහලා... පසුගිය 15දා පමණක් බිලියන 113ක්!
නන්දලාල් මහ බැංකු අධිපති වී දින 342ට රුපියල් බිලියන 867ක් අච්චු ගහලා... පසුගිය 15දා පමණක් බිලියන 113ක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJkqwtHuRzZKZRG4QhwsRtTRbPi87rqvJJTRlAsriRwS5fUj_yUMgZrWuTaOERHRLvPvVv38ncWguQkLX1CK_hLqrHAAumFCMAGHMJUdcHpqb7ivcuB_43JhIipEB0cHj2CjB7IWsJOsZhNpUENEfDGIl5Q7UAw7zg9l1B1UFLN-Q1ANu0mN5jmg/s320/nandalal.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJkqwtHuRzZKZRG4QhwsRtTRbPi87rqvJJTRlAsriRwS5fUj_yUMgZrWuTaOERHRLvPvVv38ncWguQkLX1CK_hLqrHAAumFCMAGHMJUdcHpqb7ivcuB_43JhIipEB0cHj2CjB7IWsJOsZhNpUENEfDGIl5Q7UAw7zg9l1B1UFLN-Q1ANu0mN5jmg/s72-c/nandalal.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/342-867-15-113.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/342-867-15-113.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy