ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සාමකාමී උද්ඝ...
ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින රැඳවියන් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු පමණ ද සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.
එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර බහුතරය දෙමළ වන අතර, සිංහල කිහිප දෙනෙකු ද සිටින බව ඕස්ට්‍රේලියාවේ Refugee Action Coalition සංවිධානයේ ඉයන් රින්ටූල් (Ian Rintoul) බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔහු පවසන පරිදි එහි සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාම පාහේ සරණාගතයින් ලෙසින් ඔස්ට්‍රේලියාව විසින් පිළිගනු ලැබූවන්ය.
මැනුස් දූපතේ කඳවුරේ සිටින රැඳවියන් 600 අතරින් බහුතරය සරණාගතයින් ලෙසින් පිළිගෙන ඇති නමුත්, ඔවුන් කඳවුරෙන් නිදහස් කිරීම වෙනුවට වෙනත් මධ්‍යස්ථාන තුනකට පිටත් කිරීමට පැපුවා නිව්ගිනි බලධාරීහු උත්සාහ කරති.
එම උත්සාහයට එරෙහිව රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සිටින රැඳවියන් බොහෝ පිරිසක් දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව ඉයන් රින්ටූල් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු ද පවසති.
කඳවුර වසා දැමූ බලධාරීන් ජලය සහ විදුලි බල සැපයුම කප්පාදු කිරීම හේතුවෙන් විදුලිය, ජලය සහ ආහාර නොමැතිව දිවි ගෙවීමට ඔවුන්ට සිදු වී ඇති බවත් ඉයන් රින්ටූල් සඳහන් කළේය.
සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන චාජර්
විදුලි බලය පවා නොමැති නම් ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්නේ කෙසේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් Refugee Action Coalition ක්‍රියාකාරිකයා කියා සිටියේ රැඳවියන් සතුව සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන ජංගම දුරකථන 'චාජර්ස්' කිහිපයක් තිබෙන බවය.
මැනුස් දූපතේ රැඳවුම් කඳවුරේ "මානවීය අර්බුදයක්"
ජල සැපයුම පවා කපා හැර තිබෙන බැවින් රැඳවියන් "සියලු බලාපොරොත්තු සුන් වූ වාතාවරණයකට" මුහුණ දී සිටින බව සඳහන් කළ ඔහු, ජලය ලබාගැනීම පිණිස ඔවුන් සිය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නේ වැසි ජලය එකතු කිරීමෙන් බවත් පැවසීය.
මේ "මානවීය අර්බුදය" හමුවේ බෝට්ටුවලින් දූපත වෙත ළඟා වී ඔවුන්ට ආහාර ලබාදීමට තමන් මෙන්ම පැපුවා නිව්ගිනිහි ඇතැම් ක්‍රියාකාරීන් ද උත්සාහ කළ නමුත්, දූපත වටා ආරක්ෂාව දැඩි කර තිබෙන බැවින් මෙතෙක් ඒ උත්සාහය සාර්ථක නොවූ බවත් ඔහු සඳහන් කළේය.
'හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි'
රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණය ලබා දුන් තීන්දුවත් සමග ඔක්තෝබර් 31 වෙනි දින එය වසා දැමුණු අතර, ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් සිය ආරක්ෂාවට තර්ජන එල්ල වෙනු ඇතැයි බියෙන් මැනුස් දූපතේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන කරා යාම රැඳවියෝ ප්‍රතික්ෂේප කරති.
මේ අතර රැඳවියන්ගේ නීතීඥයින් විසින් ගොනු කරන ලද නඩුවක් විභාග කළ පැපුවා නිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය, අත්‍යවශ්‍ය සේවා කපා දැමීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති නමුත් ඔවුන්ට වෙනත් ස්ථාන ලබා දී තිබෙන බැවින් අත්‍යවශ්‍ය සේවා යළි ලබාදීම අවශ්‍ය නොවන බවත් තීන්දු කළේය.
එම තීන්දුව "එකිනෙකට පරස්පර තත්ත්වයක්" බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ඉයන් රින්ටූල්, තමන් ඇතුළු කණ්ඩායම් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
අධිකරණයේ තීන්දුව කවරක් වුවත් බොහෝ දෙනා සරණාගතයින් ලෙසින් ද පිළිගෙන තිබියදී වසර හතරහමාරක් කඳවුරේ ගතකිරීමෙන් අනතුරුව තවත් කඳවුරකට යාමට සූදානම් නොමැති බව සරණාගතයන්ගේ ස්ථාවරය වී තිබෙන බව ද Refugee Action Coalition සංවිධානයේ ක්‍රියාකාරිකයා පැවසීය.
මේ අතර එහි පවතින තත්ත්වය විග්‍රහ කරන හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) මානව හිමිකම් සංවිධානය: "සමහර සරණාගතයින් සහ දේශපාලන රැකවරණ පතන්නන්ගේ උග්‍ර සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර ලැබී නැහැ.... මැනුස් කඳවුර තුළ ඉතා සුළු ආහාර සහ ජලය ප්‍රමාණයක් පමණක් තිබෙන නිසා එහි තත්ත්වය තව දුරටත් දරුණු අතට හැරෙමින් පවතිනවා," බව සඳහන් කරයි.
සරණාගතයින් වෙනුවෙන් ආරම්භ වූ නව මධ්‍යස්ථානය ආරක්ෂාකාරී නොවීම හේතුවෙන් "සරණාගතයින් සහ දේශපාලන රැකවරණ පතන්නන් බොහෝ දෙනෙකු ලොරෙන්ගවූ ප්‍රදේශයේ පුද්ගලයින්ගේ පහර දීම්වලට සහ කොල්ලකෑමට ලක් වුනත්, පොලීසියේ මැදිහත් වීම ඉතා අවම මට්ටමක පවතින," බව ද හියුමන් රයිට්ස් වොච් වැඩිදුරටත් සඳහන් කරයි.
ඉරාන ජාතික සරණාගතයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන බෙරූස් බූචානි වාර්තා කරන පරිදි, සති අන්තයේදී එක් රැඳවියෙක් හදවත් වේදනාවක් හේතුවෙන් මධ්‍යස්ථානය තුළ දී සිහි මූර්ඡා වී තිබේ.
කඳවුරේ රැඳවියන්ගේ ට්විටර් පණිවුඩImage copyrightTWITTER
"ඔහු සිහි මූර්ඡා වූ විට..... අපිට විදුලිය තිබුනේ නැති නිසා හැම තැනම කලුවරයි. සියලු දෙනාම බොහොම බය වුනා. ඒක හරිම අමාරු රැයක්," යනුවෙන් ඔහු බීබීසී සමග පැවසීය.
ඒ අවස්ථාවේ ඔවුන් මැනුස් දූපතේ සරණාගතයින්ට සෞඛ්‍ය සේවාවන් සැපයීමට ගිවිසුමකින් බැඳී සිටින ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාවන් ඇතුළු සංවිධාවලින් උපකාර පතා තිබේ.
"අපි කඳවුර දමා යෑම ප්‍රතික්‍ෂේප කරන නිසා අපිට උදව් කරන්න බැහැ කියල ඔවුන් අපිට කිවුව," බෙරූස් බූචානි වැඩිදුරටත් පැවසීය.
රෝගියා සිහි මූර්ඡා වී පැය හතරහමාරකට පසු පැපුවා නිව්ගිනි ආගමන දෙපාර්තමේන්තුවේ මෝටර් රථයකින් රෝගියා රෝහලකට රැගෙන ගියත්, එම රෝහලේ අවශ්‍ය උපකරණ නොමැතිවීම හේතුවෙන් ඔහු නැවත කඳවුර වෙත ඒවා තිබේ.
තවත් නොයෙකුත් ආසාදනයන්ගෙන් පීඩා විදින පිරිසක් සහ වකුගඩුවල ගල් හට ගැනීම නිසා අතිශය වේදනාවෙන් පෙලෙන පුද්ගලයකු පිළිබදව ද කදවුරෙන් වාර්තා වේ.
මේ චෝදනා පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස බීබීසී ඔස්ට්‍රේලියාවේ ආගමන සහ දේශ සීමා ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව සහ International Health and Medical Services -(IHMS) අමතා තිබේ.
වසා ඇති මැනුස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානයට තවදුරටත් සෞඛ්‍ය සේවා සැපයිය නොහැකි නමුත් නැගෙනහිර ලොරෙන්ගවූ හි අලුතින් ආරම්භ කරන ලද කඳවුරට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි බව IHMSආයතනය මීට ඉහතදී පවසා තිබේ.
මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට පෙර "සියලු පුද්ගලයන්ගේ නිර්දේශිත බෙහෙත් වර්ග ඇතුළු මානසික රෝගයන්ට ලබා දෙන බෙහෙත් වර්ග ද දින 28 කට ප්‍රමාණවත් ලෙස ජාත්‍යන්තර සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවන් වලින් ලබා දී ඇත," යනුවෙන් ද IHMSආයතනය සඳහන් කළේය.
මතභේදයට තුඩු දී තිබෙන ඔස්ට්‍රේලියාවේ නීති විරෝධී සංක්‍රමණිකයන් රඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව බෝට්ටු මගින් සිය රටට ළඟා වෙන සරණාගතයින් ඔස්ට්‍රේලියාව විසින් මැනුස් දූපතේ සහ පැසිෆික් නාවුරු දූපත්වල රඳවනු ලබයි.
මැනුස් දුපතේ රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බවට පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවකට අනුව, ඔස්ට්‍රේලියාව පසුගිය අඟහරුවාදා මැනුස් රැඳවුම් කඳවුර සම්පූර්ණයෙන් වසා දැමුවේය. ඒ සමගම කඳවුරෙහි සියලු සේවකයන් සහ සේවාවන් ඉවත් කර ගත් අතර, රැඳවියන් සියළු දෙනාටම දූපතෙහි විකල්ප නවාතැන් සොයා ගන්නා ලෙසට දන්වන ලදී.
එසේ වුවත්, මෙය "හදිසි මානුෂීය තත්ත්වයක්" බව පවසන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR ), අලුතින් සපයා තිබෙන සමහර පහසුකම් මිනිස් පරිහරණයට සුදුසු නැති අතර, එම මධ්‍යස්ථානයෙහි මිනිසුන් 600 ක් රැඳවීමට නොහැකි බවටත් ප්‍රකාශ කර තිබේ.
ඔවුන් ආරක්‍ෂිතව තුන්වෙනි රටකට මාරු කර යවන ලෙස ද රැඳවියන් නියෝජනය කරන නීතීඥවරු පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. මැනුස් කඳවුර වසා දැමීම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවට ද ඔවුහු තර්ක කරති.
2012 සිට මේ දක්වා පුද්ගලයන් 6 දෙනෙකු මැනුස් කඳවුර තුළ ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මිය ගිය බව රැඳවියෝ පවසති.
(BBC)

COMMENTS